May 11, 2024

ලොව විශිෂ්ඨතම සම්මානයක් “නැණසලට” හිමිවෙයි

2014 වසරේ ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහන ලෙස ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතිය නම් කර තිබේ.

ග්‍රාමීය ජනතාව සහ වරප්‍රසාද අඩු පිරිස් නගා සිටුවීම සඳහා “නැණසල“ තුළින් සිදු කෙරෙන මෙහෙය අගය කරනු වස් මෙම සම්මානය පිරිනැමේ.

ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින් “නැණසල“ ව්‍යාපෘතිය ප්‍රථම ස්ථානය දිනා ගෙන මේ වසරේ අදාල සම්මානයට හිමිකම් කීය. ඒ අනුව අන්තර්ජාතික බිල් ගේට්ස් “අධ්‍යන ප්‍රවේශ” (“Access to Learning”) සම්මානය සහ අමෙරිකානු ඩොලර් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතියට පිරිනමන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම පසුගිය 18 වැනි දා නිවේදනය කළේය. 

මීට අමතරව තවත් අමෙරිකානු ඩොලර් දශ ලක්ෂයක් වටිනා මෘදුකාංග නොමිලයේ ශ්‍රී ලංකාවට පිරිනැමිම ද සිදු කෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “නැණසල” ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ දිලිඳු ජනයාට තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනය සඳහා පුළුල් ඉඩකඩක් ලබා දී ඇතැයි බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ අධ්‍යක්‍ෂිකා ඩෙබෝරා ජාකොබ්ස් මහත්මිය ප්‍රකාශ කළාය.

 

Rate this item
(0 votes)