April 26, 2024

ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මහජන බැංකුවේ ආයතනික බැංකුකරණ විසඳුම් සමඟ එක්වේ

February 27, 2020

මහජන බැංකුව, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග සිය අතිනවීන ආයතනික ඩිජිටල් විසදුම් (People’s Corporate Digital solutions) ඔස්සේ ආයතන දෙක අතර ව්‍යාපාර වඩාත් විධිමත් සහ ශක්තිමත් කිරිමේ අරමුණින් ගිවිසුමකට පෙබරවාරි මස 26 වැනිදා එළඹිනි.

මේ සඳහා වන ගිවිසුම් හුවමාරුව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා අතර ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන කාර්යාලයේදි පසුගියදා සිදුකෙරිණි. මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන, ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල් අලූත්ගම යන මහත්වරුන් ඇතුඵ දෙපාර්ශවයේම ආයතනික හා විධායක කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි විය.

මහජන බැංකුවේ ආයතනික විසදුම් (People’s Corporate Digital solutions) යනු ආයතනික ගනුදෙනුකරුවන්ට සිය රාජකාරි වටපිටාව පහසු කිරීම සඳහා වන ආරම්භයේ සිට අවසානය දක්වා ඩිජිටල් අත්දැකිම්වලින් සමන්විත අංගසම්පූර්ණ විසªමකිග මේ තුළින් ඕනෑම ස්මාර්ට් උපාංගයක් (Smart Device) හරහා ඕනෑම වේලාවක ඇඟිලි තුඩක් ස්පර්ශ කිරීමෙන් පමණක් ඔවුන්ගේ බැංකු ගනුදෙනු සිදු කළ හැකිය. මෙම තාක්ෂණය යටතේ එන ආයතනික අන්තර්ජාල බැංකුකරණය (Corporate Internet Banking (CIB) සහ ආයතනික මොබයිල් බැංකුකරණය (Corporate Mobile Banking (CMB) හරහා ආයතනික ගනුදෙනුකරුවන්ට ගනුදෙනු වර්ග 30 කට අධික ප‍්‍රමාණයක් සිදුකර ගත හැක.

People’s Corporate Digital solutions මඟින් ආයතනවලට මෙහෙයුම් විධිමත් කිරීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වන අතර එමගින් කාලය හා මෙහෙයුම් පිරිවැය ඉතිරි කර ගත හැකග එමෙන්ම මාර්ගගත තත්‍ය කාලීන අධීක්ෂණ පද්ධතියක් (online real time
monitoring system) තිබීම හේතුවෙන් මූල්‍ය ගනුදෙනු පිළිබඳ පූර්ණ විනිවිදභාවයක් කළමනාකරණකාරිත්වයට ලබා දේ.


මේ පිළිබඳව අදහස් දැක්වූ අද මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා "ශි‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයට ආයතනික බැංකු පහසුකම් ලබාදෙමින් එහි බැංකු හවුල්කරුවා ලෙස කටයුතු කිරිමට ගිවිසුම් ගත වන මේ මොහොත අප ගමන්මගේ සුවිශේෂි සන්ධිස්ථානයක්. දැවැන්ත රාජ්‍ය ආයතන ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙල හේතුවෙන් ආයතන දෙකටම සුවිශේෂි ප‍්‍රතිලාභ හිමිවනවා. මෙම ශක්තිමත් සම්බන්ධතාවයේ ප‍්‍රතිලාභ නුදුරු අනාගතයේ දී ජනතාවටද ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වනවා."

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා "දිවයිනේ පුඵල්තම ශාඛා ජාලය හිමි ශක්තිමත්ම රාජ්‍ය බැංකුව වන මහජන බැංකුව සමඟ අත්වැල් බැඳ ගැනීම සුවිශේෂි අවස්ථාවක්ග පසුගිය වසර කිහිපය තුළ මහජන බැංකුව සිය මෙහෙයුම් සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීමේදී වඩාත් ඉදිරිගාමි වූ බව අපි නිරීක්ෂණය කළා. විශේෂයෙන් ආයතනික අංශය සම්බන්ධවග මෙම සහයෝගිතාවය ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ඉතිහාසයේද සුවිශේෂි සන්ධිස්ථානයක් වන බවට මා විශ්වාස කරනවා"

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:39