April 26, 2024

මහජන බැංකුවේ මුදල් තැන්පතු යන්ත‍්‍රය සහිත පාසල් බැංකු ඒකකයක් කොළඹ රාජකීය විද්‍යාලයට

February 26, 2020

ශී‍්‍ර ලාංකේය සිසු පරපුරට ඩිජිටල් බැංකුකරණ අත්දැකිම් ලබාදිමේ අරමුණින් මහජන බැංකුව හදුන්වා දුන් NFC තාක්ෂණයෙන් යුත් මුදල් තැන්පතු යන්ත‍්‍රයක් සහිත පාසල් බැංකු ඒකකයක් පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදි විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන, රාජකිය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ අබේරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එම්.වී.එස් ගුණතිලක, මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, රාජකිය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ හා පාසල් සංවර්ධන සමිතියේ නිලධාරින්, බැංකු කාර්ය මණ්ඩලය, රාජකිය විද්‍යාලයේ ගුරු මණ්ඩලය හා සිසු දරුවන් විශාල පිරිසක් සහභාගි විය.

මෙම පාසැල් බැංකු ඒකකය පිහිටුවීමේ අරමුණ වූයේ පාසැල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය සමග වඩාත් පහසු සහ ආරක්‍ෂිත ආකාරයෙන් සිය බැංකු කටයුතු සිදු කර ගැනීමට ඉඩ සලසා දෙමින් ඔවුන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද දිරිමත් කිරීමය. සිසු දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරමින් සෑම දරුවෙකුටම දීප්තිමත් අනාගතයක් උදාකරදීම මහජන බැංකුවේ අපේක්ෂාවයි.

මහජන බැංකුවේ මුදල් තැන්පතු යන්ත‍්‍රය පාසල් බැංකු ඒකකය මගින් සිසුන්ට, තම සිසු උදාන ගිණුමට කාසි සහ නෝට්ටු තැන්පත් කිරීමත ගිණුම් ශේෂය විමසීමත බැංකු පති‍්‍රකා පිරවීමකින් තොරව මුදල් තැන්පත් කිරීම වැනි බැංකු සේවාවන් ඉටුකරගත හැක. එමෙන්ම පාසල් හැඳුනුම් පත ලෙසද භාවිතා කළ හැකි පාසලේ වර්ණයෙන් යුත් ශිෂ්‍යයාගේ නම, ඡුායාරූපය, පාසැලේ ඇතුළත් වීමේ අංකය ආදී විස්තර අඩංගු හුරුබුහුටි NFC කාඞ් පතක් හිමිවේ. මුදල් තැන්පත් කිරීම සඳහා සිසුන්ට අවශ්‍ය වන්නේ NFC කාඞ්පත පමණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ මහතා "අද දිනයේ දි රාජකීයන්ට වටිනා තිළිණයක් ලබාදීමට හැකිවිම පිළිබඳව මහජන බැංකුව ඉතාමත් සතුටට පත්වනවා. මින් පාසල් වියේදීම ඩිජිටල් තාක්ෂණය හා මුසුවෙමින් බැංකු පහසුකම් සිදු කර ගැනීමේ අවස්ථාව සිසු දරුවන්ට හිමිවනවා. මේ ඔස්සේ වැඩි වැඩියෙන් ඉතිරිකර මෙම ඒකකයෙන් උපරිම ප‍්‍රයෝජනය ලබා ගන්නා මෙන් සිසු දරුවන්ට ආරාධනා කර සිටිනවා."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:39