April 26, 2024

මහජන බැංකුව තෛපොංගල් උත්සවය සමරයි

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් මහජන බැංකුව කොටහේන ශාඛාවේදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යධිකාරී රසිත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රටට ජනතාවට මෙන්ම ගනුදෙනුකාර භවතුන්ට ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජාවක්ද පූජාවක් ද පවත්වන ලදී . හින්දු සංස්කෘතික අංග කිහිපයකින් මෙම සැමරුම් උත්සවය වර්ණවත් වූ අතර, ගනුදෙනුකාර තැන්පත් භාරගැනීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය , කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් සහභාගී වූහ. මීට සමගාමීව හින්දු ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල මහජන බැංකු ශාඛා මෙදින විවෘතව තැබුණු අතර එම ශාඛාවන්හි දී ද විශේෂ තෛපොංගල් සැමරුම් උත්සවය සමඟ ගනුදෙනු කටයුතු සිදු කෙරිණි .

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:47