April 26, 2024

මහජන බැංකුවේ නව සභාපති වැඩ බාරගනී

මහජන බැංකුවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරි  සුජීව රාජපක්ෂ මහතා අද (08) කොළඹ කොටුවේ පිහිටි  මහජන බැංකු  මූලස්ථානයේ දී  වැඩ භාරගත්තේය.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත් සේවය කර ඇත.

සුජීව රාජපක්ෂ මහතා මෙරට ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකි.

අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ  මහානාහිමි, බම්බලපිටිය වජිරාරාමාධිපති  තිරිකුණාමලයේ ආනන්ද නා හිමි ඇතුළු මහාසංඝරත්නය ඒ මහතාට ආශිර්වාද කළහ.

මහජන බැංකුවේ ප්‍රධාන  විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරී , රසිත  ගුණවර්ධන, එහි  අධ්‍යක්ෂක  මණ්ඩලයේ  සාමාජිකයින්  වන මලිදු  රණසිංහ, කීර්ති ගුණතිලක යන මහත්වරු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී  වූහ.

Rate this item
(0 votes)