April 26, 2024

සංචාරකයින්ගේ නවතම දත්ත එළිදකී - තත්වය තරමක් යහපත් අතට

ගෙවුණු 2019 වර්ෂයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 2018 වසරට සාපේක්ෂව සියයට 18කින් අඩු වී ඇති බව වාර්තා වේ. 2019 වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,913,702කි. 2018 වසරේ එම සංඛ්‍යාව 2,333,796කි. 

දත්ත වලට අනුව ඉකුත් වසරේදී මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙනි. ඉන්පසු එංගලන්තය සහ රුසියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ. මෙම සංචාරකයින්ගෙන් සියයට 93ක් පැමිණ තිබෙන්නේ ගුවන් මඟිනි. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන නවතම වාර්තාවට අනුව  පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 4.5ක අඩුවීමක් තිබෙන මුත් එම සංඛ්‍යාව නොවැම්බර් මාසය හා සංසන්ධනය කිරිමේදී වැඩි වීමක් පෙන්නුම් කරයි. එම තත්වය පාස්කු ප්‍රහාරයෙන් පසුව මුළුමනින්ම කඩා වැටුණු සංචාරක කර්මාන්තයේ තරමක යහපත් තත්වයක් බව පෙනෙන්නට තිබේ. 

පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ආසියානු හා යුරෝපා කලාපයෙනි. ඉන්පසු වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඇමරිකානු කලාපයෙනි. 

පසුගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් ගණන කලාපීය වශයෙන්
‌පසුගිය මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රතිශතය රටවල් වශයෙන්

2019 – 2018 වසරවල මෙරටට පැමිණි සංචාරකයන් ගණන රටවල් වශයෙන්

Rate this item
(0 votes)