April 26, 2024

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දුෂ්කර පාසල් 100ක් වැඩිදියුණු කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ආයතනික සමාජ වගකීම වැඩසටහනක් ලෙස දියත් කරන ලද "පාසල් පිරියත සුරකිමු" වැඩසටහන 2019 ඔක්තෝබර් මස 12 වනදා ක්‍රියාත්මක කරන ලද අතර මේ යටතේ දිවයින පුරා විසිරුනු දුෂ්කර පාසල් 100ක් අලුත්වැඩියා කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් මෙම පාසල් 100 හි යටිතල පහසුකම් දියුනු කිරීම, පාසල් අඵත්වැඩියා කිරීම, ගොඩනැගිලි , මේස, පුටු පින්තාරු කිරීම සහ අවශ්‍ය වෙනත් පහසුකම් සැලසීම සිදු කරන ලද අතර ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඔවුන්ගේ පාසල් වල ප්‍රසන්න පරිසරයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළ නංවාලීම මෙහිදී අරමුණ කරගෙන තිබේ.

Rate this item
(0 votes)