April 27, 2024

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එපෙක්ස් සම්මානයක්

September 18, 2019

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය දරන ලද උත්සාහයට ඇපෙක්ස් ගෝලීය සම්මානය හිමි වී තිබේ .

මෙම සම්මාන උළෙල ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සම්මේලන මධ්‍යස්ථානයේ දී ඉකුත් 9/09 දින සිට 9/12 දින දක්වා පැවත්වා තිබේ .

ඇපෙක්ස් සංවිධානය යනු ගුවන් සේවා සමාගම් , ගුවන් සේවා සැපයුම්කරුවන් සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ සමාගම් එක්ව පිහිටුවා ගෙන ඇති ලෝකයේ එකම ලාභ නොලබන සාමාජික වෙළෙඳ සංගමයයි .

මෙම තරගාවලිය සදහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවන් වන කටාර් ගුවන් සේවය , වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය ආදියේ ක්‍රියාකාරකම් ඇගැයීමකට ලක් කර තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය වෙසක් උළෙල මුල් කරගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ , පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත වල සංවිධානය කර තිබූ වෙසක් දන්සැල් සහ වෙසක් භක්ති ගීත ගායනා වැඩසටහන මෙම ලෝක ගුවන් සේවා සංගමයේ ඇගැයීමට ලක් වී තිබුණි .

මෙම වැඩසටහන් සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් , ගුවන් නියමුවන් , ගුවන් යානා කාර්යය මණ්ඩල සාමාජිකයන් , ඉංජිනේරුවරුන්, විගන්කවරුන් මෙන්ම ගුවන් යානා අභ්‍යන්තර පිරිසිදු කරන්නන් ද සහභාගී වී සිටියහ .

මෙම සම්මානය ඇපෙක්ස් සංවිධානයේ ප්‍රධාන වානිජ නිලධාරී ජෝෂුවා බුස්ටෝස් මහතා අතින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ප්‍රදානය කර තිබේ .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)