May 02, 2024

එක්සත් රාජධානියේ වැඩියෙන්ම අලෙවි වන වේදනා සහනකාරකය Deep Heat දැන් ශ්‍රී ලංකාවේ

එක්සත් රාජධානියේ වැඩියෙන්ම අලෙවි වන වේදනා සහනකාරකය වන Deep Heat දැන් ශ්‍රී ලංකා වෙළඳපොලට හඳුන්වා දී ඇත.

වසර 60කට අධික කාලයක් ලොව පුරා විශ්වාසය දිනාගත් වේදනා සහනකාරකයක් ලෙස මෙය ප්‍රචලිත වී ඇති අතර එය ස්වාභාවික සංඝටක මෙන්ම විද්‍යානුකූලව උසස් ප්‍රමිතියෙන් නිපදවූ කෘත්‍රිම සංඝටක වල ද මනා සංකලනයක් ලෙස ද පැසසුමට ලක් වී තිබේ.

Deep Heat යනු ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙන නවතම Rohto නිෂ්පාදනයයි. Rohto යනු විශ්වාසනීය විසඳුම් රැසක් සමගින් මෙරට වෙළඳපොළේ ප්‍රමුඛස්ථානයක් ඉතා කෙටි කලකින් දිනාගත් සමාගමකි.

'Deep Heat’' නිෂ්පාදන මගින් මාංශ පේශීන් සැහැල්ලු කොට, දැඩි බව අඩු කොට, වේදනාව සමනය කරමින් ආලේපිත ප්‍රදේශයට මනා රුධිර සංසරණයක් ලබා දෙයි. මෙහි අඩංගු රසායනික සංයෝජනය මගින් සිරුරේ අදාළ ප්‍රදේශයට සිසිලක් සහ උණුසුමක් ලබා දෙමින්, උණුසුම සහ සිසිල මනාව පාලනය කිරීම හරහා වේදනාව සමනය කිරීම සිදු කරයි. රක්තවාතය, ආතරයිටීස්, පිට කොන්දේ වේදනාව, මාංශ පේශි වේදනාව, සන්ධි වේදනාව, උරහිස් වේදනාව ආදී රෝගාබාධ නිසා ඇති වන වේදනාව Deep Heat භාවිතයෙන් සමනය කරගත හැක.

Rohto නිෂ්පාදන මුලින්ම මෙරට වෙළඳපොළට පැමිණියේ 2013 වසරේ වන අතර ඒ සමගම මෙරට වෙළඳපොළේ ජයග්‍රහණ රැසක් ලබාගන්නට ඔවුන්ට අවස්ථාව ලැබිණි. විශේෂයෙන්ම Acnes, Oxy Face Wash සහ Mentholatum LipIce. යන Rohto නිෂ්පාදන ඉතා කෙටි කලකින් මෙරට වෙළඳපොල තුළ විශාල ජනප්‍රියත්වයක් දිනා ගන්නට සමත් විය.

Rohto සඳහා ඇති ජාත්‍යන්තර පිළිගැනීම මෙන්ම එම නිෂ්පාදන විසින් දිනාගෙන ඇති කීර්ති නාමයද, සමාගම තුළ පවතින වටිනාකම් සමුදාය නිසා ද මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට නැවුම් අත්දැකීම් රැසක් එක් කළ බව එම සමාගමේ මෙරට කළමනාකාර අධ්‍යක්ෂිකා ගයත්‍රී රත්නායක මහත්මිය පැවසුවාය.

වෙළඳපොළ ආචාර ධර්ම සහ වටිනාකම්වලට උපරිමයෙන් ගරු කරමින්, ඉහළම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පාරිභෝගිකයාට ලබා දීම සිය සමාගමේ මූලිකම අරමුණ බව පැවසූ රත්නායක මහත්මිය ඉතා කෙටි කලකින්ම සිය සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොළෙහි ශක්තිමත් තැනකට ගෙන ඒමට පාදක වූ ප්‍රධානම හේතුව එය බව ද සඳහන් කළාය.

"අපේ අවශ්‍යතාව තවත් එක නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දෙන එක නෙවෙයි. ජාත්‍යන්තර වශයෙන් අප ලබා ගෙන සිටින කීර්තිය ශ්‍රී ලංකා වෙළඳපොළෙත් ඒ අයුරින්ම පවත්වාගෙන යාමේ වගකීම හරියට ඉෂ්ට කිරීමයි. අප නිතරම ඉදිරියට ගෙන යන්නේ එම වගකීම ඉටුකිරීමට අප සතුව ඇති කැපවීමයි." යනුවෙන්ද ප්‍රකාශ කළාය.

Rate this item
(0 votes)