May 12, 2024

සංචාරක ප්‍රවර්ධනයට සඳහා දේශීය සහ විදේශීය වශයෙන් වැඩසටහන්

ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය සඳහා එංගලන්තයේ විශේෂිත වැඩසටහනක් සංවිධානය කර තිබේ.

ඒ අනුව එංගලන්තයේ තෝරාගත් ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් ටැක්සි රියදුරන්ගේ මෝටර් රථ මෙරට සුන්දරත්වයෙන් පිරි ආකර්ෂණීය ස්ථානයන්වල ඡායාරූපවලින් ප්‍රදර්ශනය කිරීම සිදු කර තිබේ.

මෙහිදී ඔහුන්ට ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය පිළිබඳ මනා අවබෝධයක්ද ලබා දීම හරහා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට පියවර ගෙන ඇත.

මේ අතර හාලි ශ්‍රී ලංකාව තුළද සංචාරක ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ඩේවිඩ්සන්, ස්ට්‍රීට් තන්ඩර් ශ්‍රී ලංකා 2014 යතුරුපැදි සවාරිය ආරම්භවී තිබේ. මෙම සවාරිය 16 වැනි දා දක්වා සංචාරය කිරීමට නයමිතයි.සිනමන් ලොජ් හබරණ (Cinnamon Lodge Habarana), චායා ට්‍රාන්ස් හික්කඩුව (Chaaya Tranz Hikkaduwa), බෙන්තොට බීච් හොටෙල් (Bentota Beach Hotel) ආදිහෝටල් සඳහා ඔවුන් එම සංචාරය මගින් ගමන් කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහනක්‍රියාත්මයි.අමෙරිකානු නිෂ්පාදනයක් වන මෙම Harley Davidson යතුරුපැදි වර්ගය ලොව ඇති මිලඅධිකම යතුරුපැදිවලින් එකකි.මෙවැනි වටිනාකමින් යුත් යතුරුපැදි වර්ගය 4 ක් ලොවපවතින අතර Harley Davidson ඉන් එකක් වීම විශේෂත්වයකි.

වෝකර්ස් ටුවර්ස් ආයතනය විසින් 02 වැනි වරට සංවිධාන කරන මෙම යතුරු සවාරියමහනුවරට, පින්නවල, අනුරාධපුර, හබරණ, නුවරඑළිය, උනවටුන, හික්කඩුව සහබෙන්තොට ආදී නගර ආවරණය කරයි.මැද පෙරදිග කලාපයේ හාලි ඩේවිඩ්සන් සමාජයේ සාමාජිකයෝ 14 දෙනෙක් එම චාරිකාවටඑක් ව සිටින අතර සාමාන්‍ය යතුරු පැදි ධාවනය කරන ශ්‍රි ලාංකිකයින් 06 දෙනෙක්ද සිටී.

(එස් අල්විස්)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 August 2014 15:08