May 12, 2024

සුව පහසු විශ්‍රාම දිවියක් සඳහා සැලසුමක්

සුව පහසු විශ්‍රාම දිවියක් සඳහා අවශ්‍ය වන අමතර සැලසුමක් ලෙස AIA ඉන්ෂුවරන්ස් පරිපුර්ණ විශ්‍රාම සැලසුමක් හඳුන්වා දෙන ලදි. එමගින් ව්‍යාපාරිකයන්, රාජ්‍ය හෝ පෞද්ගලික අංශ සේවකයින් ඇතුළු ඕනෑම අයෙකුට දැන්  සුව පහසු විශ්‍රාම දිවියක් භුක්ති විඳීමට අවස්ථාව හිමි වෙන බවයි සමාගම පවසන්නේ. 

විශ්‍රාම සැලසුම් හිමියාට විශ්‍රාම යාමේ සිට තමන් කැමති කාලසීමාවක් සඳහා විශ්‍රාම වැටුපක් ලබා ගතහැකි වීම මෙහි ඇති ප්‍රධානම ප්‍රතිලාභය වෙයි. විශ්‍රාම වැටුප් ලබන කාලසීමාවේ සැලසුම් හිමියා මිය ගියත් එම විශ්‍රාම වැටුප යැපෙන්නන් හට ගෙවනු ලැබීමද මෙහි ඇති එක් විශේෂත්වයකි. මෙම සැලසුමේ ඇති අනික් විශේෂත්වය නම් සැලසුමේ වාරික ගෙවන කාල සීමාවේදී සැලසුම් හිමියා මියගියහොත් පළමුව ඔහුගේ/ඇයගේ යැපෙන්නන් හට තම ජීවන රටාව පවත්වාගෙන යාම සඳහා එකවර මුදලක් හිමිවන අතර, ඉන්පසු සමාගම ඔවුන් වෙනුවෙන් සැලසුමට අදාළ වාරික ගෙවීම අඛණ්ඩව සිදු කරමින් විශ්‍රාම වැටුපක් ලැබීම තහවුරු කිරීමයි.  

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයේ වේගවත් වර්ධනයක් තිඛෙන අතර දැනට ශ්‍රී ලාංකික ජනතාවගෙන් වයස අවුරුදු 60ට වැඩි පිරිස 9% ක් වන නමුත් තවත් වසර 30 කින් එම පිරිස 25% ක් දක්වා වර්ධනය වනු ඇති බවට ගණන් බලා තිබේ.

Rate this item
(0 votes)