April 27, 2024

ඔස්ටියෝ ක්ලිනික් දැන් මිරිස්සට

කොඳුඇට පෙළ ආශ්‍රිතව ඇතිවන සියලූම රෝගාබාධ සහ ස්නායු රෝග සදහා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන ඔස්ටියෝ ක්ලිනික් ආයතනය එහි නවතම ශාඛාවක් මාතර මිරිස්සේදී පසුගියදා ආරම්භ කරන ලදී.

වර්තමාන සමාජය තුල වයස් භේදයකින් තොරව බහුලව දැක ගත හැකි රෝගාබාධ අතුරින් කොදුඇට පෙළ ආශ්‍රිත රෝග සහ ස්නායු රෝග විශේෂ වේ. එම රෝග සඳහා ශල්‍යකර්මයක් හෝ කිසිදු ඖෂධයකින් තොරව ප්‍රතිකාර සිදු කරන සාර්ථක වෛද්‍ය ක්‍රමයක් ලෙස ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය හදුන්වා දිය හැකිය.

එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් ගනණාවක කොදුඇට පෙළ ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් පෙළුණු රෝගීන් විශාල ප්‍රමාණයක් සාර්ථකව සුවකල ඔස්ටියෝපති ප්‍රතිකාර ක්‍රමවේදය ලංකාවට හදුන්වා දීම ලාංකිකයන්ගේ විශාල භාග්‍යයක් කොට සැලකිය හැකිය. ඔස්ටියෝපති ප්‍රතිකාර ක්‍රමවේදය මගින් ප්‍රතිකාර ලබා ගත හැකි එකම ආයතනය වන්නේ ඔස්ටියෝ ක්ලිනික් ආයතනයයි.

විශේෂයෙන් පැතිකුදය රෝගයට සාර්ථක ප්‍රතිඵල ලබාගතහැක. එකම වෛද්‍ය ක්‍රමය ලෙස ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය හදුන්වා දිය හැකිය. එමෙන්ම බෙල්ලේ වේදනාව , ඉරුවාරදය , අංශභාගය , ශරීරයේ හිරිවැටීම් ආදී රෝග රැුසකට මෙහිදී ප්‍රතිකාර කරනු ලබනවා. ඔස්ටියෝ ක්ලිනික් ප්‍රධාන ශාඛාව අතුරුගිරිය පාර මාලබේ පිහිටා ඇති අතර වෛද්‍යවරුන්ගේ සහ ජනතාවගේ දැඩි ඉල්ලූම මත මාතර මිරිස්ස ප්‍රදේශයේ නවතම ශාඛාවක් පසුගියදා ආරම්භ කරන ලදී.

ඔස්ටියෝ ක්ලිනික් ආයතනය තුලින් මේ වන විටත් රෝගීන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සුවකර තිබෙන අතර මෙම ආයතනය සමඟ බටහිර වෛද්‍යවරුන්ද සම්බන්ධ වේ. විශේෂයෙන් මෙහිදී භික්ෂුන් වහන්සේලාට, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියළුම රණවිරුවන් හට නොමිලේ ප්‍රතිකාර ලබා දේ.

Rate this item
(2 votes)