April 27, 2024

TRI ZEN හි පයිලින් කටයුතු නියමිත දිනයට පෙර නිම කිරීමට ඩී.පී ජයසිංහ පයිලින් සමත්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පයිලින් සමාගමක් වන ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගම එම ක්ෂේත්‍රයේ සිය නිපුණතාව විදහා දක්වමින් මෙරට ඉදිවන විශාලතම ගොඩනැගිලි ත්‍රිත්වයක් වන TRI ZEN හි පයිලින් කටයුතු නියමිත දිනයට පෙර නිමා කරයි.  සීමාසහිත ජෝන් කීල්ස් සමූහය සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපෘතියක් වන TRI ZEN ව්‍යාපෘතිය මහල් 53කින් යුතු ගොඩනැගිලි ත්‍රිත්වයකින් යුක්ත වෙයි.

 TRI ZEN ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වශයෙන් චීන රජයේ ඉදිකිරීම් සහ ඉංජිනේරු සංස්ථාව (China State Construction Engineering Corporation - CSCEC) කටයුතු කරන අතර එම ආයතනය ලොව ඉදිකිරීම් සමාගම් අතර 23 වන විශාලතම සමාගමයි. CSCECවිසින් ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගම පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් TRI ZEN හි පයිලින් කටයුතු  ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගම වෙත පවරා තිබේ.  මෙම ව්‍යාපෘතියෙහි ඇති ප්‍රධාන ගොඩනැගිලි තුන පයිල් 107ක් මත පිහිටා ඇති අතර එහි අඩි 6ක විෂ්කම්භය  සහිත පයිල් 83 ක් සහ අඩි 5ක විෂ්කම්භය සහිත පයිල් 24ක් අන්තර්ගතය. එම සියලු පයිල් සඳහා මව් පාෂාණය  විද ඇති මුළු දිග අඩි 4265 (මීටර 1300 කි).

මෙම කාර්යක්ෂමතාව පිළිබඳව අදහස් දැක්වූ  ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ උපාලි ජයසිංහ මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ පයිලින් කටයුතු  කැලැන්ඩර් දින 120කදී නිම කීරිමට නියමිතව තිබූ බවයි. නමුත් ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගම  ක්ෂේත්‍රයෙහි සිය විශිෂ්ටත්වය විදහා දක්වමින් දින 110 කදී අදාල කාර්යය නිම කළ බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම කටයුතු නිම කිරීම සඳහා ගතවූ කාලය වැඩ කරන දින ගණනින් සලකා බැලූවිට එය දින 93 ක් වන බවද උපාලි ජයසිංහ මහතා පැවසීය. නියමිත කාලයට පෙර මෙම පයිලින් කටයුතු අවසන් කිරීම සමිබන්ධයෙන් චීන රජයේ ඉදිකිරීම් සහ ඉංජිනේරු සංස්ථාව (China State Construction Engineering Corporation - CSCEC) තම සමාගම වෙත රුපියල් මිලියන 7ක මුදලක්  ත්‍යාග ලෙස  පිරිනැමූ බව ඒ මහතා අවධාරණය  කළෙය.

ගතවූ වසර 5 තිස්සේ  ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගමේ සීඝ්‍ර වර්ධනයට හේතුව තාක්ෂණයෙන් උසස්, අති නවීන යන්ත්‍රෝපකරණ යොදා ගැනීම බව පෙන්වා දුන් හෙතෙම කියා සිටියේ යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය අතින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  පයිලින් තාක්ෂණය සිය සමාගම සතුවන බව හෙතෙම පෙන්වා දුන්නේය. ජර්මනියේ නිෂ්පාදිත  BAUER hydraulic rotary drilling යන්ත්‍ර  දහයක් පමණ ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගම සතුව ඇත. BG-11H, BG-20H, BG-24H වැනි පයිලින් යන්ත්‍ර මෙන්ම BG-25s,  BG-26s, BG-28, BG-30 සහ BG-39ආදී ජර්මනියේ BAUER Maschinen GmbH හි නිපදවන ලද යන්ත්‍ර භාවිත කිරීම ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගමේ විශේෂත්වයකි. මේ අතරින් දකුණු ආසියාවේ විශාලතම පයිලින් යන්ත්‍රය වන BG-39 වඩා සුවිශේෂි වෙයි. මෙවැනි උසස් යන්ත්‍ර උපකරණ සමඟ සිය පාරිභෝගිකයින් වෙත තත්වයෙන් උසස් සේවාවක් නිශ්චිත කාල සීමාවට පෙර නිම කිරීමට සිය සමාගමට හැකිවී ඇති බව උපාලි ජයසිංහ මහතා පෙන්වා දුන්නේය.

2013 වසරේ පිහිටුවන ලද ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගම පයිලින් ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම සහිත  අති දක්ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විත සමාගමකි. සිය පාරිභෝගික අවශ්‍යතා මැනවින් වටහා ගනිමින් ඉතා සැලසුම්සහගත ලෙස කටයුතු කරමින් ඇස්තමේන්තු ගත කාලයටත් වඩා ඉක්මනින් අදාල කාර්යය සම්පූර්ණ කිරීමට ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගමේ ඇප කැපවී කටයුතු කරයි.  මේ වනවිට දිවයින පුරා 75 කට අධික පයිලින් ව්‍යාපෘති රැසක් අති සාර්ථකව සම්පූර්ණකර ඇති මෙම සමාගම නිවාස සංවර්ධන, නිවාස සංකීර්ණ ඉදිකිරීම,රෝහල්, අධිවේගී මාවත් ආදී අවස්තා රැසකදී වගකීමෙන් යුතුව කටයුතු කරයි.

ඩී.පී ජයසිංහ පයිලින්  පුද්ගලික සමාගම විසින් මේ වනවිට මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර රැසක් වෙත සිය සේවා සපයා ඇත. මිහිඳුපුර නිවාස සංකීර්ණය, ටාටා නිවාස සංකීර්ණය - Slave island, Prime grand residences - වෝඩ් පෙදෙස, දකුණු අධිවේගී මාර්ගය, ආදී විවිධ ක්ෂේත්‍ර රැසක් සඳහා ඩී.පී ජයසිංහ පයිලින් ආයතනය සිය සේවා සපයා ඇත.

Rate this item
(0 votes)