April 26, 2024

“Live Life" රක්ෂණ ක්‍රමය පිරිනැමීමට ජනශක්ති රක්ෂණ සමාගම ayubo.life සමඟ අත්වැල් බැඳ ගනී

ජීවිත රක්ෂන ක්ෂේත්‍රයට නව මුහුණුවරක් මෙන්ම අවදානමින් මිදුනු සෞඛ්‍ය මගපෙන්වීමක් හඳුන්වා දෙන “Live Life” රක්ෂණ විසඳුම සමඟින් පාරිභෝගිකයන්ට සුවතාවයේ නව මගක කැඳවාගෙන යාමට “ජනශක්ති ජීවිත රක්ෂණ සමාගම” කටයුතු යොදා තිබේ. ඒ අනුව ජීවන රටා, සෞඛ්‍ය හා යෝග්‍යතාව පිළිබඳ ප්‍රමුඛ මෘදුකාංග යෙදුමක් (App) වන ayubo.life සමඟින් ඔවුන් අත්වැල් බැඳගන්නා ලදී. සුවතාවය පදනම් වු මෙම ඩිජිටල් ජීවිත රක්ෂණ සැළසුම, සිය පාරිභෝගිකයන්ට සෞඛ්‍ය තත්ත්වය සමඟම සුවතාවය පිළිබඳ අරමුණු වැඩිදියුණු කරගැනීම පිණිස නිශ්චිත ප්‍රතිලාභ ලබාදෙන අතර මෙවැනි නව්‍යකරණයෙන් දේශීය රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වාදෙන පළමු අවස්ථාව මෙය වේ.

මෙම “Live Life” සැළසුමට අනුව මාසිකව රු.1000/= සිට 5000/= දක්වා දිවෙන වාරිකයකට රක්ෂණ කාණ්ඩ පහක් යටතේ එන සැළසුම් පහක් අතරින් තමන්ට ගැළපෙන සුරක්ෂිත මට්ටම තෝරා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබාදේ. මෙම යෙදුමට පිවිසුණු විට වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, ක්‍රීඩා විද්‍යාඥයන් ආදී සෞඛ්‍ය හා සුවතා විශේෂඥයින් කණෟඩායමක් මඟ පෙන්වයි. මෙයට අනුගතවී වසරක් තුළ රක්ෂණ ඔප්පු හිමියකු තම අවදානම් මීළඟ මට්ටම දක්වා අඩුකරගැනීමට සමත් වූ විට ඔවුන්ට මීළඟ වර්ෂ්‍ය සඳහා වැඩි ආවරණ මට්ටමක් සමඟින් අතිරේක ආරක්ෂණ ප්‍රතිලාභ පිරිනමනු ලැබේ.

මෙම නව ජීවිත රක්ෂණ සැළසුම පිළිබඳ අදහස් දක්වමින් ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරීන් ජූඩ් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ “Live Life” සැළසුම් කර ඇත්තේ පුද්ගලයින්ගේ හොඳ සෞඛ්‍ය පුරුදු අගයමින් සාම්ප්‍රදායික රක්ෂණ ක්ෂේත්‍රයේ සීමා මායිම් බිඳ දැමීමට බවයි. “Live Life” යනු පාරිභෝගිකයන්හට නිශ්චිත සහ අර්ථවත් දීමනා ලබාදීම මඟින් ජීවිත කාලය පුරාම මනා සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට පාරිභෝගිකයන් උනන්දුකරවමින්, සෞඛ්‍ය අවදානම් අඩුකරගැනීමේ සංකල්පය මත පදනම්වූ නව්‍ය සැලසුමකි. රක්ෂණ සමාගමේ සහ රක්ෂණ සමාගම සහ රක්ෂණ ඔප්පු හිමියන් අතර පැවැති සාම්ප්‍රදායික සම්බන්ධතාවය වෙනස් කරමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ මෙවැනි ප්‍රගතිගාමී පියවරක් තැබීමට හැකිවීම ගෞරවයක් බව ඒ මහතා පවසයි.

ayubo.life හි අධ්‍යක්ෂක/ප්‍රධාන මෙහෙයුම් නිලධාරීණී වෛද්‍ය චමිලා ආරියනන්ද මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ “ayubo.life” ක්‍රියාත්මක වන්නේ අපට හමුවන සෑම ජීවිතයක්ම සුපෝෂණය කිරීමේ දැක්ම සහිතවයි. සුදුසුකම්ලත් විශේෂඥ මඩුල්ලක් මඟින් ලබාදෙන මෙම සුවසේවාව, පුද්ගලබද්ධ ඉලක්ක කරා දිශාගතවූවක්. නිශ්චිත සැලසුම් සහිතව, ක්‍රීඩාමය මගපෙන්වීමක හා ඇගයුම් සහිත ගමන්මඟක් ඔස්සේ පාරිභෝගිකයින්ව රැගෙන යෑමේ ගමන, මෙම රක්ෂණ ඔස්සේ සාඩම්බරයෙන් අරඹනු ලබනවා. ජීවන රටාව මත රැඳෙන රෝගයන් පිළිබඳ අනතුරු හඟවන සංඛ්‍යාදත්ත සමඟ මෙම රක්ෂණ ක්‍රමය පුද්ගල ජීවන රටාව වැඩිදියුණු කිරීමටත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් බිහි කිරීමටත් දායක වන අපගේ විශවාසයයි” යනුවෙන් එතුමිය අදහස් දැක්වීය.

“Live Life” රක්ෂණ සැළසුම හඳුන්වාදීමත් සමඟින්, සිය රක්ෂණ ලාභීන් හට ඔවුන්ගේ ධනාත්මක චර්යාවන් වෙනුවෙන් ඇඟට දැනෙන ප්‍රතිලාභ හිමිකරදෙන මෙරට ප්‍රථම සහ එකම රක්ෂණ සමාගම බවට ජනශක්ති රක්ෂණ සමාගම පත්වනු ඇත. 2016 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් කළ අධ්‍යනයන්ට අනුව එම වසරේ ශ්‍රී ලංකාවේ මරණවලින් 83%ක් බෝ නොවන රෝග (NCDs) නිසා සිදුවී ඇති අතර එම ප්‍රමානයෙන් 34%ක හෘදවාහිනි රෝග නිසා සිදුවී ඇති බව අනාවරණය වී තිබේ. මෙවැනි අවදානමක බලපෑම් සලකා බැලීමේදී  “Live Life” රක්ෂණ සැළැස්මේ මුලික හරය ඔස්සේ, විශේෂඥ මගපෙන්වීම් හරහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම මනා ලෙස සැළසුම් වී තිබේ.

පාරිභෝගිකයන්ගේ දෛනික ජීවන රටාවන් වේගයෙන් වෙන්සවන කාලයක, “Live Life” රක්ෂණ සැළසුම හඳුන්වාදෙමින්, ජනශක්ති සමාගමේ සහ ayubo.life හී මෙම සබැඳියාව පාරිභෝගිකයාට බලසපිරි, සෞඛ්‍යමත්, ධනාත්මක ජීවිතයක් සතුටින් යුක්තව ගතකිරීමට පොළඹවන නවමු අත්දැකීමක් ලෙසින් හැඳින්විය හැකිය.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 July 2019 19:53