May 12, 2024

ටින් මාළු ප්‍රවර්ධනයට පියවර

ටින්මාළු කල්තබා ගැනීමට ශීතකරණයක් අවශ්‍ය නොවන නිසාත්, එය පහසුවෙන් සකස් කරගතහැකි ආහාරයක් නිසාත් මෙරට දේශීය සැමන් ටින් නිෂ්පාදනය දිරිගැන්වීමට පියවරගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාපවසයි.

මේ අනුව පිටරටින් ගෙනෙන සැමන් ටින් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් නවතා දමා විදේශීයරටවල්වලට ඇදී යන මුදල් ඉතුරු කර ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා පවසාසිටි.ඒ ටෙස් සමූහ ව්‍යාපාරයේ ඔලිවර් ප‍්‍රයිඩ් නැමති සැමන් මත්ස්‍යනිෂ්පාදනය වෙළෙඳ පොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින්.

ටෙස් සමූහ ව්‍යාපාරය වසර 35කට අධික කාලයක් තිස්සේ මත්ස්‍ය අපනයනයේ යෙදෙනආයතනයෙක් වන අතර, මේ වනවිට ඔවුන් බෙල්ජියම, ජර්මනිය, ජපානය, ඉතාලිය, ඇමෙරිකාව ඇතුළු රාජ්‍යයන් රැසකටම ටූනා මසුන් අපනයනය කරන සමාගමකි.

එසේම ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම සැමන් කර්මාන්තශාලාව හිමිවන්නේද ටෙස්සමූහ ව්‍යාපාරයටයි. එය පෑලියගොඩ පිහිටා ඇති ටෙස් මැකරල් සැමන්කර්මාන්තශාලාවයි. ඔවුන් මේ වනවිට සැමන් වර්ග ගණනාවක්ම නිෂ්පාදනය කරන අතරඔවුන්ගේ නවතම නිෂ්පාදන ඔලිවර් ප‍්‍රයිඩ් නමින් වෙළෙඳ පොළට හඳුන්වාදීමපසුගියදා සිදුවිය. ටෙස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ඔලිවර්ප‍්‍රනාන්දු මහතාගේ නමින් මෙම නවතම නිෂ්පාදනය නම් කර තිබේ.

Rate this item
(0 votes)