May 12, 2024

පොල් කෙඳි මධ්‍යස්ථාන 3 ක් ඌවට

පොල් ගෙඩියක ඉවත දමන පොල් ලෙලි කෙඳි බවට පත් කිරිමේ මධ්‍යස්ථාන 3 ක් මොණරාගල, බුත්තල හා මඩුල්ල යන ප‍්‍රදේශයන්හි ස්ථාපිත කිරිමට අවශ්‍ය කටයුතු කරන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ කාබනික පොහොර යොදා පොල් නිෂ්පාදනය වැඩි කිරිමට සහනාධාර ලබා දීම වෙනුවෙන් මැදගම, මඩුල්ල, බිබිල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

පොල් ලෙලි කෙඳි බවට පත් කරන මධ්‍යස්ථානය මගින් කොහු සෑදීම, ලණු ඇඹරීම, කොහු බත් සෑදීම ඇතුළු කොහු කර්මාන්තයට අදාළ සියලුම භාණ්ඩ නිෂ්පාදනය කිරිමට සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

 

Rate this item
(0 votes)