April 26, 2024

"කදුරට අභිමානවත් ව්‍යාපාරික ඔබේ ප්‍රාග්ධනයට අපෙන් සවියක්” – CSE Empower

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උදෙසා කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් දියත් කර ඇති CSE Empower පුවරුවෙහි ලැයිස්තුගත වී, එමගින් මහජනතාවට කොටස් නිකුත් කිරීමට අවස්ථාව සලසා දී තම ව්‍යාපාරවලට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම පිළිබඳව දැනුම්වත් කිරීම උදෙසා වැඩසටහන් ගණනාවක් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් දියත් කල ඇත.

ඉන් තවත් වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් 2019 ජුනි මස 15වන සෙනසුරාදා දින රාත්‍රි 06.30 සිට 08.00 දක්වා කාලය තුල ග්‍රෑන්ඩ් කැන්ඩියන් හොටලයේදී පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙම වැඩසටහනට සම්බන්ධ වීම තුලින් සමාගම “EMPOWER” පුවරුව තුලින් කොටස් නිකුත්කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය සහ එමගින් ව්‍යවසායකයින්ට ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් ලබාගත හැක. කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක මහතා සහ ඉහළ කළමනාකාරිත්ව පිරිස්ද මෙහිදී සාකාච්ඡාවට සම්බන්ධවීමට නියමිතය.

“EMPOWER” පුවරුව සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන්ම දියත් කර ඇති බැවින් එම සමාගම් සඳහා කොටස් නිකුත්කිරීමට පෙර සහ ඉන්පසු අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා CSE විසින් පත්කර ඇති අනුග්‍රාහක සමාගම් සමඟ සම්බන්ධවීමට මෙදින හැකිවනු ඇත. ණය ප්‍රාග්ධනයට අමතරව තමන්ගේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය කොටස් ප්‍රාග්ධනය රැස්කරගැනීමේ සංකල්පය ඉදිරිපත් කරන මෙම වැඩසටහනට සහභාගීවීමට නුවර ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව හට කොටස් හුවමාරුව ඇරයුම් කර සිටි.

ඒ අනුව මහනුවර පවත්වන වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු මහනුවර ශාඛාවේ 081-4474407/09, 0773469466 දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.

කොළඹ කොටස් හුවමාරුව පිළිබඳව:

කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් ලයිස්තුගත සමාගම් හා ආයෝජකයන්ට හමුවීම සඳහා අවශ්‍ය පාරදෘශ්‍ය හා විධිමත් පරිසරය සකස් කෙරෙයි. සාමාජික ආයතන 15 කින් හා ගනුදෙනුකරන සාමාජික ආයතන 14 කින් සමන්විත මෙය ශ්‍රී ලංකාවේ නෛතික රාමුවට අදාලව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබෙන අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් අධිකාරිය ලබා තිබේ. මෙම සියලුම සාමාජික ආයතන හා ගනුදෙනුකරන සාමාජික ආයතන කොටස් තැරැව්කරුවන් ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් බලපත්‍ර ලබාගත යුතුය. වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

Rate this item
(0 votes)