May 11, 2024

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් සමෘද්ධි ලාභීන්ට නොමිලේ ප්‍රතිකාර

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අදහසකට අනුව දිළිදුකම තුරන් කිරීම අරමුණු කර ගනිමින්  ප්‍රජා සද්කාරයන් රැසක් දියත් කර ඇත.

ඒ අනුව අඩු ආදායම්ලාභී සමෘද්ධි ලියාපදිංචි පවුල් 1200ක සාමාජික/ සාමාජිකාවන් 4000කට නොමිලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කාඩ්පත් ලබා දීමට පියවර ගෙන ඇත.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රෝගීන්ට සුවදායී හරිත පරිසරයක පිහිටි, මහාචාර්ය හා විශේෂඥ වෛද්‍යවරු  පැය 24 පුරා සේවයේ නිරත වන අතර මෙය රෝගී ඇඳන් 1002 කින්යුත් රෝහලක් වෙයි.

මෙම රෝහල පෞද්ගලික රෝහලක් වුවද එමඟින් සැලසෙන සමාජ සත්කාරයන් අතර සියලුම රෝගීන් හට ඉතා අඩු මුදලකට ඉතාමවිශිෂ්ට සේවාවක් සැපයීමද විශේෂිතයි.

පාසැල් සිසු සිසුවියන් වෙනුවෙන් පාවහන් ලබාදීම, ආබාධිත සිසු සිසුවියන් වෙනුවෙන් රෝද පුටු  ලබාදීම, විද්‍යාල විද්‍යාගාර අළුත්වැඩියා කිරීම් ආදිය ඒ අතර වෙයි.

Rate this item
(0 votes)