April 26, 2024

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පී.බී. යාපා මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. 

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පත් කර තිබෙන අතර, ඒ මහත්මිය ද අද ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන තිබේ.

Rate this item
(1 Vote)