April 26, 2024

පලතුරුවල කාබයිඩ් තිබේදැයි සෙවීමට මොබයිල් ඇප් එකක්

කාබයිඩ් භාවිතයෙන් ඉදවූ පලතුරු සොයාගැනීමට ජංගම දුරකථන යෙදවුමක් නිපදවීමට ජපුර සරවියේ සිසුන් පිරිසක් කටයුතු කර තිබේ.

දැනට කෙසෙල්වල කාබයිඩ් තිබේද යන්න පමණක් මෙමගින් හඳුනාගත හැකි අතර, ඉදිරියේදී අඹ සහ ගස්ලබු ආදී පලතුරු සම්බන්ධයෙන්ද පාරිභෝගිකයාටම අදාළ තත්ත්ව සහතිකය ලබාගැනීමට හැකි ලෙස මෙම යෙදවුම වැඩිදියුණු කරන බව ඔවුහු පවසති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද Innovate Sri Lanka 2019 ප්‍රදර්ශනයේදී මෙම නිමැවුම එළිදක්වා ඇති අතර, ප්‍රදර්ශනය ඊයේ (03) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Rate this item
(0 votes)