April 26, 2024

PayMaster වෙතින් මොබයිල් රීලෝඞ් සහ ගෙවීම් කටයුතු සඳහා පෙරළිකාර හඳුන්වාදීමක්

PayMaster Solutions (Pvt) Ltd.  විසින් හඳුන්වා දෙන නවතම ජංගම දුරකතන යෙදුම  (Mobile Application) PayMaster App හඳුන්වාදීමේ උත්සවය පසුගිය දා කොළඹදී මාධ්‍ය ඇතුඵ අමුත්තන් රැුසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි. ශ‍්‍රී ලංකාවේ ජංගම දුරකතන භාවිතා කරන්නන් වෙනුවෙන් දියත් කෙරුණු පෙරළිකාර හඳුන්වාදීමක් වන PayMaster App එක හරහා ජංගම දුරකතන බිල්පත් ගෙවීම් සහ රීලෝඞ් කිරීමේ පහසුව පාරිභෝගිකයින් හට හිමි වේ.

මුදල් රහිත ගනුදෙනු (Cashless Society)  සිදුකරන සමාජයක් කරා ගමන් කිරීමේදී PayMaster වැනි ජංගම දුරකතන යෙදුම් ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරන අතර මේ හරහා දැනට පවතින මූල්‍ය ක‍්‍රමය සම්බන්ධ ගැටලූ වළක්වා ගනිමින් වඩාත් කාර්යක්‍ෂම ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීමට හැකි වේ. එමෙන්ම, මෙම  PayMaster App එක ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම ක‍්‍රියාත්මක නිසා ශී‍්‍ර ලාංකිකයන්ට තමන්ගේ එදිනෙදා ගෙවීම් කටයුතු වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙන අතර එහි කාර්යක්ෂම බව නිසා කාලයත් මුදලූත් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වූ  PayMaster  අධ්‍යක්‍ෂ සහ සම-නිර්මාතෘ, රන්සික ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වූවා, ”ඉතා දුෂ්කර උත්සාහයන් ගණනාවකට පස්සෙ මේ PayMaster App එක ඉතා කාලෝචිතම අවස්ථාවක ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට හැකි වීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා. මේ ජංගම දුරකතන යෙදුම ප‍්‍රධාන වශයෙන්ම පාරිභෝගික පහසුව ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබෙන අතර, භාවිතයට ඉතා පහසු, ආරක්‍ෂාකාරී යෙදුමක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි  interface  එක Options ගණනාවක් සමඟ කාටත් භාවිතයට ඉතා පහසුවන අයුරින් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ඔබේ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ ආරක්‍ෂාවක් ලබා දෙන ආකාරයට මෙය නිර්මාණය කර ඇති බව පැවසිය යුතුමයි. මේ සියල්ලටම අමතරව මෙහි කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිව ඉහළ විනිවිදභාවයකින් යුතුව අපි මෙය නිර්මාණය කර තිබෙනවා’’

සාම්ප‍්‍රදායික බිල්පත් ගෙවීම් ක‍්‍රමයෙන් ඔබ්බට ගිය, මේ PayMaster App  එකේ ඇති ආකර්ෂණීය බව වගේම පාරිභෝගිකයන්ට හිමිවන සුවිශේෂී ප‍්‍රතිලාභයන් ද නිසා පාරිභෝගිකයන් වැඩි වශයෙන් මෙය භාවිත කිරීමට යොමු වීමේ ප‍්‍රවණතාවක් ද දැකගත හැකියි.
PayMaster Solutions (Pvt) Ltd.  යනු සිංගප්පූරුවේ  FirstPay Pte Ltd සමාගමේ අනුබද්ධිත සමාගමකි. ශ‍්‍රී ලාංකිකයන් තුළ ඇති තාක්‍ෂණික හැකියාව මනාව හඳුනාගත් මෙම සමාගම ඒ හරහා ළගා කරගත හැකි වෙළඳපොළ පිළිබඳව ද හොඳින් අවබෝධ කරගනිමින් වඩාත් ප‍්‍රබල තාක්‍ෂණික ක‍්‍රමවේදයක් PayMaster හරහා හඳුන්වා දී ඇත. පාරිභෝගිකයන්ට අංගසම්පූර්ණ, ක‍්‍රියාශීලී හා නම්‍යශීලී අත්දැකීමක් ලබා දෙන්නටත් මේ හරහා ඔවුන් උත්සාහ දරා ඇති අතර වර්තමානය වන විට ශ‍්‍රී ලංකාව අලූත් තාක්‍ෂණික සංකල්ප ශීඝ‍්‍රයෙන් වැළඳගනිමින් සිටින නිසා PayMaster හඳුන්වාදීම සඳහා එය විශේෂ වාසියක් ලෙස ද හඳුන්වා දිය හැකියි. රට තුළ තාක්‍ෂණය මූලික කරගත් මූල්‍ය රටාවක් නිර්මාණය කරමින් අනාගත දියුණුව උදෙසා වැඩි වැඩියෙන් අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා ද මෙවැනි නව හඳුන්වාදීම් තුළින් ලැබෙන්නේ මනා පිටිවහලකි.

PayMaster ඉදිරිය පිළිබඳව අදහස් පළ කරමින්, PayMaster අධ්‍යක්‍ෂ සහ සම-නිර්මාතෘ, ලසිත රණවීර මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ”අද වන විට ශ‍්‍රී ලංකාවේ මිලියන 27කට වැඩි ජංගම දුරකතන සම්බන්ධතා ප‍්‍රමාණයක් තිබෙනවා. මෙයින් මිලියන 1.5ක් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වන අතර මිලියන 21ක් ඩෙබිට් කාඞ්පත් හිමියන්. තවමත් අවධානය යොමු නොවූ විශාල වෙළඳපොළක් අප ඉදිරියේ ඇති බව මේ අනුව පැහැදිලියි. මේ ජංගම දුරකත යෙදුම නිර්මාණය කොට ඇත්තේ ඉහළම අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුකූලවයි. එනිසා මෙය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක මෙවැනි ජංගම දුරකත යෙදුම් අතර දියුණුතම  Digital gateway  එක ලෙස ද සලකන්නට පුළුවන්. බොත්තමක් ක්ලික් කරන සැණින් ගෙවීම් කටයුතු කළ හැකි මේ ජංගම දුරකතන යෙදුමේ එකේ වැඩි වන ජනප‍්‍රියත්වය තුළින් පෙනෙන්නේ මෙහි ඇති පහසුවයි.”

PayMaster Solutions  කණ්ඩායම තාක්‍ෂණික මෙන්ම මූල්‍ය ක්‍ෂේත‍්‍රයන්හි ද ප‍්‍රවීණ වෘත්තීයවේදීන් රැුසකගෙන් සමන්විත වන අතර මීට පෙරද මෙවැනි සුවිශේෂී වෘත්තීය අත්දැකීම් ලබා ඇති පිරිසකි. වෙළඳපොළ ගැන මනා අවබෝධයකින් හා තාක්‍ෂණික සහ වෙළඳපොළ උපායමාර්ග සම්බන්ධයෙන් ද හසල දැනුමකින් පිරි මෙම කණ්ඩායම ශ‍්‍රී ලාංකික වෙළඳපොළ තුළ ඩිජිටල් ගෙවුම් විප්ලවයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයකින් කටයුතු කරන පිරිසක් ද වේ.

මෙම ඇප් එක දැනට ලබා ඇති ජනප‍්‍රියත්වය සහ මේ පිළිබඳ දැනුවත් භාවය තවදුරටත් වර්ධනය කිරීම තුළින් PayMaster ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවුම් ක‍්‍රමවේදය බවට පත් කිරීම මෙම පිරිසේ අපේක්‍ෂාවයි.

Rate this item
(2 votes)