May 02, 2024

කුළුබඩු ආනයනය නවතී

February 14, 2019

දේශීය කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටලු විසඳීම සඳහා විවිධ ක්‍රම මඟින් කුළුබඩු ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කරයි. ආනයනික ගම්මිරිස් හා කරුංකා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම, ආනයනික සාදික්කා/ වසාවාසි හා සියඹලා පකිස්ථානයට ප්‍රතිඅපනයනය කිරීම සහ ශ්‍රී ලංකාවේ කුරුඳු වංචනිකව අපනයනය කිරීම හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපෑම් ඇතිව තිබේ.

ඒ අනුව එම ගැටලු විසඳීම සඳහා අපනයන සැකසීම සඳහා කුළුබඩු තාවකාලිකව ආනයනය කිරීම, අන්තරාල වෙළෙඳාම සහ වාණිජ කේන්ද්‍රස්ථාන මෙහෙයුම් යනාදී ක්‍රම මඟින් ශ්‍රී ලංකාව වෙත ගම්මිරිස්, කරුංකා, සාදික්කා/වසාවාසි, සියඹලා සහ කුරුඳු ආනයනය කිරීම අත්හිටුවීමටත්, ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව හා පාකිස්ථානය වෙත ප්‍රතිනැව් ගත කෙරෙන ආනයනික කුළුබඩු ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තාවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමටත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Rate this item
(0 votes)