April 27, 2024

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ සහාය තවදුරටත්

ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනය සඳහා චීන රජයේ සහයෝගය තවදුරටත් ලබාදෙන බව චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂූයුආන් මහතා පවසයි.

චීන තානාපතිවරයා ප්‍රමුඛ තානාපති නිලධාරීන් පිරිසක් මහා භාණ්ඩාගාරයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී, මංගල සමරවීර මහතා චීන තානාපතිවරයාට පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගීතාව ඇති කරගන්නා බවයි. එමෙන්ම, ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සහාය ලබාදීම සම්බන්ධයෙන් චීන රජය වෙත ස්තූතිය පළ කිරීමටද හෙතෙම මෙය අවස්ථාවක් කරගෙන ඇත.

එහිදී, චීන තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිරසර සහයෝගීතාවක් යළිත් වරක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සායහ සම්බන්ධයෙන්ද චීනයේ සහයෝගය පළ කරන බවයි.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල යන මහත්වරුන් ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

Rate this item
(0 votes)