May 08, 2024

ග්‍රීන් බයික් සෙන්ටර් වෙතින් හයිබිඩ්කූටරයක් වෙළෙඳපොළට

December 08, 2018

පරිසර හිතකාමී විදුලි යතුරු පැදි අලෙවියේ ප්‍රමුඛ ආයතනයක් වන ග්‍රීන් බයික් සෙන්ටර් ශ්‍රී ලංකාවට පළමු වරට හයිබ්‍රිඩ් ස්කූටරයක් හඳුන්වා දෙයි. චීනයේ ජෑන්සු හොන්සින් මෝටර් සයිකල් සමාගම නිපදවන මෙම ස්කූටරය ගැලැන්ට් එකෝ හයිබ්‍රිඩ් සන්නාමයෙන් වෙළෙඳපොළට පැමිණෙයි. පෙට්‍රල්වලින් හා විදුලියෙන් ධාවනය කළ හැකි මෙම ස්කූටරය නිවසේ විදුලියෙන් ආරෝපණය කළ හැකිය. ඉන්වර්ටර් ජෙනරේටරයකින් ස්කූටරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලි බලය නිපදවයි. පළමු 40km නිවසේදී කරන බැටරි ආරෝපණයෙන් ගමන් කළ හැකිය. බැටරියේ බලය 20kmදක්වා අඩු වන විට ජෙනරේටරය ක්‍රියාත්මක වී බැටරිය ආරෝපණය වන අතර යතුරු පැදිය ධාවනයට අවශ්‍ය බලයද ජෙනරේටරයෙන් සපයයි. බැටරිය ආරෝපණය වූ පසු නැවත බැටරියෙන් ධාවනය ඇරැඹී ජෙනරේටරය ක්‍රියා විරහිත වෙයි. මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව ලීටරයකට 80kmපමණ වෙයි. 101, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ පිහිටි ග්‍රීන් බයික් සෙන්ටර් ප්‍රදර්ශනාගාරයේදී ස්කූටරය මිල දී ගත හැකිය. සියලුම අමතර කොටස් සතු බවත්, අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක් සපයන බවත් මෙහෙයුම් කළමණාකරු ඒ. ඒ. එන්. ටී. අධිකාරි මහතා පවසයි.

200kgබරක් දැරිය හැකි ස්කූටරයේ ජෙනරේටරයෙන් ඉන්වර්ටරය හරහා 1500w විදුලියක් නිවසට ලබා ගැනීමටද හැකිය. 72V-20Aබැටරි හයකින් සමන්විත ස්කූටරයේ 200W මෝටරයක් ඇත. LEDහෙඩ් ලයිට්, රිවර්ස් ගියර්, ඩිස්ක් බ්රේක්, 49CC ෆෝ ස්ට්‍රෝක් එයාර් කූල් එන්ජිම, සෙල්ෆ් කූල් ඉන්වර්ටර් ජෙනරේටරය 4ක ඉන්ධන ටැංකිය මෙහි සුවිශේෂතා වේ.

රතු, සුදු, සිල්වර් මිශ්‍ර රතු - කළු, සිල්වර් මිශ්‍ර නිල් - කළු යන වර්ණවලින් සමන්විත ස්කූටරයට 24000kmහෝ දෙවසරක වගකීමක් ලැබේ. පේනටන්ට් බලපත්‍ර 8ක් සහිත ස්කූටරයේ වටිනාකම රු. 245,500ක් වන අතර චාජරයක්, හෙල්මට්, ජැකට්, රේන් කෝට්, ටූල් කිට් සහ සේවා වාර හතරක් නොමිලේ ලැබේ.

Rate this item
(0 votes)