April 26, 2024

"Call to Donate" ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවට රු.10ක්

November 10, 2018

ශ්‍රී ලංකාව තුල පිළිකා සම්බන්ධයෙන් දැනුවත් භාවය ඉහල නැංවීම හා මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවට මූල්‍යමය පරිත්‍යාග සිදුකිරීමේ අරමුණින් රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෙවන වරටත් Call to Donate වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මෙම වැඩසටහන 2018 නොවැම්බර් මස 01 වනදා ආරම්භ කරන ලද අතර මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උණුසුම් හදවත් සහිත ශ්‍රී ලාංකිකයින් මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමග අත්වැල් බැඳගෙන සිටී. මෙම වැඩසටහන සඳහා මහජනතාවට 1357 ට missed call එකක් දීමෙන් දායකත්වය දැක්විය හැකි අතර එසේ ලබාදෙන සෑම ඇමතුමක් වෙනුවෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවට රු.10 /- ක් පරිත්‍යාග කරනු ලබයි.

2015 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව තුල තර්ජනයක් බවට පත්වෙමින් පවතින පිළිකා අවධානම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙන්ම මෙම රෝගය වැළඳුනු රෝගීන් හට සහයෝගය ලබාදීමටත් අවශ්‍ය පසුබිම සකස් කර තිබේ.

පසුගිය වසර වලදී ක්‍රියාත්මක කල Call to Donate වැඩසටහන් ඔස්සේ මහරගම අපේක්ෂා රෝහල වෙත C Pap යන්ත්‍රයක් මිලදී ගැනීම, අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සපයා දීම ඇතුළු කාර්යයන් රැසක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සිදුකරනු ලැබුවා.

මෙවරත් Call to Donate 2018 වැඩසටහන ඔස්සේ අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව සඳහා සියලු පහසුකම් වලින් සමන්විත වෙන්කර තැබීමේ ඒකකයක්(isolation room) ලබාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුදානමින් සිටි.

Rate this item
(0 votes)