April 27, 2024

CEYLAN 30 වැනි සංවත්සරය සමරයි

”සුහද හදක් ඇති දේශීය බැංකුව” යන විරුදාවලිය ලද සෙලාන් බැංකුව, සිය අභිමානවත් වූ 30 වැනි සංවත්සරය මෙම වසරේ සමරනු ලබයි. 
ආරම්භයේ සිටම සෙලාන් බැංකුව විසින් අවධානය යොමු කළ ප්‍රධානතම කරුණු දෙකනම් ගනුදෙනුකරුවන්ටම සුවිශේෂ වූ වටිනා සේවාවන් රැසක් හඳුන්වා දීම සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් පිරිනැමීමයි. 
 
“ව්‍යවසායකත්ව හැකියාවන් ඇති පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ට නිසි දැනුම ලබාදෙමින්, ඔවුන් තුළ අවශ්‍ය උනන්දුව ඇතිකරමින්, ඉහළම පාරිභෝගික සේවාවක් සහ විශිෂ්ට මූල්‍ය සේවාවන් ලබාදිය හැකි පරිදි ඔවුන් පුහුණු කිරීම අපේ ප්‍රධාන අරමුණක්. මේ හේතුව නිසාම අපට දිගින් දිගටම අපගේ පාරිභෝගික සේවාව වැඩිදියුණු කරමින් බැංකු ක්ෂේත්‍රයට නව ආදර්ශ සැපයීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම වෙළඳපොළ තුළ පවතින නව ප්‍රවණතා සහ අඩුපාඩු හඳුනාගෙන, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට හොඳින්ම ගැළපෙන විවිධ සේවාවන් හඳුන්වා දෙමින්, සාම්ප්‍රදායක බැංකු ක්ෂේත්‍රය තුළත් ඩිජිටල් බැංකු ක්ෂේතත්‍රය තුළත් ඉදිරියටම පැමිණීමට අපට හැකිවී තිබෙනවා,” යැයි සෙලාන් බැංකුවේ සමාරම්භක සාමාජිකයෙකු වන චිත්‍රාල් ද සිල්වා මහතා පවසයි. 
 
“එදා මෙදාතුර බැංකුව අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබද ආරම්භක සාමාජිකයෙකු ලෙස මා ඉතා තෘප්තිමත්. ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන කීර්තිමත් නාමය රැක කරගැනීමට නිරන්තරයෙන්  කළ කැපවීම බැංකුව ලද සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් රැසකට ආරම්භයේදීම දියුණුව වෙත මගපෙන්වීමට හැකිවීම විශාල සතුටක්.” හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
දශක තුනකට ආසන්න කාලයක් පුරා නොවෙනස්ව පවත්වාගත් සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් සෙලාන් බැංකුවට 2014 වසරේදී 'Best Retail & SME Bank in Sri Lanka' සම්මානය හිමි විය. එමෙන්ම 'Lankapay Technovation'.  සම්මාන උළෙලේදී සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම බැංකුවට හිමි සම්මානයද සෙලාන් බැංකුව වෙත පිරිනැමිණි.  'Golden Globe Tigers Awards' හිදී පාරිභෝගික හා ඩිජිටල් බැංකුකරණ අංශය වෙනුවෙන් සම්මාන 5 කින් පිදුම් ලැබූ බැංකුව   'SLIM NASCO 2018' සම්මාන උළෙලේදීද අලෙවිකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබී ය.
Rate this item
(0 votes)