April 27, 2024

විදෙස් සංචාරකයන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක්

දුම්රියෙන් පැමිණෙන විදේශිය සංචාරකයන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ අලුතින් ඉදිකරන ලද සංචාරක පහසුකම් මධ්‍යස්ථානය විවෘත කර එය දුම්රිය දෙපාර්තුමේන්තුව වෙතභාර දිම මධ්‍යම පලාත් ප්‍රධාන අමාතයය සරත් ඒකනායක මහතා විසින් අද (29) එම දුම්රිය ස්ථානයේදි සිදු කළේය.

සංචාරක අමාත්‍යංශයේ රුපියල් මිලියන 4.2 ක වියදමින් ඉදි කරන ලද මෙම සංචාරක මධ්‍යස්ථානය තුල දුම්රියෙන් පැමිණෙන සංචාරකයන්ට විවේක ගැනිමට සහ සියළුම පහසුකම් වලින් සමන්විත වැසිකිලි පද්ධතියකින්ද සමන් විත වෙයි.

සංචාරක අමාත්‍යංශයේ  සංචාරක නවෝදය සංකල්පය මත ඉදි කල මෙම සංචාරක පහසුකම් මධ්‍යස්ථානය හැටන් දුම්රිය ස්ථානය මගින් නඩත්තු කටයුතු සිදු කල යුතුය.

මෙවැනිම සංචාරක පහසුකම් මධ්‍යස්ථාන දෙකක් මේ වන විට නානුඔය සහ පට්ටිපොල යන දුම්රිය ස්ථානවල ඉදිකර ඇති අතර , ඉදිරියේදි පේරාදෙණිය දුම්රිය ස්ථානයේ මෙවැනිම මධ්‍යස්ථානයක් විවෘත කරන බවයි ප්‍රධාන අමාත්‍යයවරයා කියා සිටියේය.

මෙම මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ ඩෙන්මාර්කයේ සිට පැමිණි විදේශ සංචාරක කාන්තාවන් දෙදෙනෙක්ද මෙම විවෘත කිරිමේ අවස්ථාවට එක් විම සුවිශේෂි සිද්ධියකි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)