April 26, 2024

සම්බා සහල්, කුකුළු මස් හා බිත්තර සඳහා පාලන මිලක්

වෙළෙඳ පොළෙහි සම්බා සහල් මිල දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිලක් (MRP) නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

එසේම, කුකුල් මස් හා බිත්තර මිලද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින බවත්, ඉදිරි සති 2ක ඇතුළත කුකුල් මස් හා බිත්තර මිල අඩු නොවුණහොත් ඒ සඳහාද පාලන මිලක් නියම කිරීමට කටයුතු කරන බවද ජීවන වියදම් කමිටුව සඳහන් කරයි. මලික් සමරවික්‍රම හා රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්ව තිබුණි.

Rate this item
(0 votes)