April 27, 2024

කිළිනොච්චියේ නව පොදු වෙළදපොළ සදහා රුපියල් මිලියන 720ක්

කිළිනොච්චියේ නව පොදු වෙළදපල සදහා රුපියල් මිලියන 720 ක වියදමකින් නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විණි.

පුනරුත්ථාපන හා නැවත පදිංචි කරවීමේ අමාත්‍යංශය මගින් මේ මුදල අනුමත කොට ඇත්තේ කිළිනොච්චිය පොදු වෙළද පලේ සියළුම ගොඩනැගිලි මීට වසර හතරකට පමණ ඉහතදී ගින්නකට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසාය.

මෙම ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු කරච්චි ප්‍රාදේශීය සභාව මගින් සිදු කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා කිළිනොච්චියට  පැමිණි අවස්ථාවේදී එතුමා අතින් මෙම නව වෙළද පලේ ඉදිකිරීම් කටයුතු  ආරම්භ කිරීමට සැලසුම් කොට තිබූ නමුත් අග්‍රාමාත්‍යවරයාට කිළිනොච්චියේ වැඩ සටහන් ගණනාවකටම සහභාගී වීමට සිදු වූ නිසා මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි විණි.

පසුව පළාතේ ප්‍රභූන්ගේ සහභාගිත්වය මත කිළිනොච්ච්ය පොදු වෙළෙද සැල සදහා වූ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ ආරම්භ කෙරිණි.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 July 2018 09:40