April 26, 2024

ඩෙල් නවතම මාදිලියේ ගේමින් ලැප්ටොප් රැසක් හදුන්වාදෙයි

ඉතාමත් පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි G කාණ්ඩයේ නවතම ගේමින් ලැප්ටොප්ස්  ඉහළ ක‍්‍රියාකාරිත්වයකින් යුත් අටවෙනි පරම්පරාවේ ප්‍රොසෙසරයන්ගෙන් හා NVIDIA®GeForce ® GTX 10 කාණ්ඩයේ ග‍්‍රැෆික් සැකසුම් ඒකකයකින් (GPUs) සමන්විතය.

ඩෙල් ඉහළ ක‍්‍රියාකාරිත්වයකින් යුත් G කාණ්ඩයේ නවතම මාදිලියේ ගේමින් ලැප්ටොප් මාවල් ස්ටුඩියෝ ‘Ant-Man’ සහ ‘The Wasp’ චිත‍්‍රපට හී කැමරා තාක්ෂණය සමග එක්ව තාක්ෂණ ලොව නව පෙරළියක් ඇති කරයි.

ඩෙල් EMC PowerEdge සහ ඩෙල් Precision වර්ක්ස්ටේෂන්ස් ඇතුළු ඩෙල් දෘඩාංග චිත‍්‍රපටයන් හී සජීවි දෘශ්‍ය නිර්මාණ ඇති කිරීමෙහිලා සහය වේ.

විවිධ ආදායම් මට්ටම්වලින් යුත් පාරීභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට සහ ගෙවීමේ හැකියාවට ගැලපෙන ගේමින් විසදුම් පිරිනැමීමෙහිලා දැඩි කැපවීමකින් යුත් ඩෙල් අද Dell G3 15 සහ Dell G7 15 නමින් නවතම වින්ඩෝස් 10 ගේමින් පරිගණක දෙකක් හදුන්වාදුන් බව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී නිවේදනය කරන ලදි.

Ant-Man’s සහ The Wasp’s චිත‍්‍රපටයන්ගේ සිට Hank Pym’s පරීක්ෂණාගාරය දක්වා තාක්ෂණය  චිත‍්‍රපටය පුරා විශාල කාර්‍යභාරයක් ඉටු කරන බැවින් ඩෙල් මාවල් ස්ටුඩියෝ සමග එක්ව මෙම නවතම හදුන්වාදීම සිදු කරන ලදි.  නවතම G කාණ්ඩයේ පරිගණක ඇතුළුව ඩෙල් උපාංග චිත‍්‍රපටය පුරා කැමරාව පිටුපස සිදුවන විශ්මිත සම්බන්ධීකරණය සදහා දායක වූ අතර චිත‍්‍රපටය තුළ දෘශ්‍යමාන පිංතූර ඇති කිරීමෙහිලා ඩෙල් දෘඩාංග සිදු කළ මෙහෙය අපමණය.

Rate this item
(0 votes)