May 08, 2024

පානීය ජල ව්‍යාපෘතියක් සඳහා නෙදර්ලන්තයෙන් සහන ණයක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක සහ රඹුක්කන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 25,000කට අවශ්‍ය භූගත පානීය ජල පහසුකම් ලබාදීම සඳහා වන හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතියට නෙදර්ලන්ත රජය සහන ණය මුදලක් ලබාදී තිබේ.

මේ යටතේ යූරෝ මිලියන 85ක් නෙදර්ලන්තයෙන් ලැබී ඇති අතර, ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 July 2018 13:55