April 26, 2024

Aspire Residencies ව්‍යාපෘතිය අතුරුගිරියේ ඇරඹෙයි

ඔඩිලියා සමූහ ව්‍යාපාරයට අලුතින්ම එක්වූ ඔඩිලියා රෙසිඩන්ස් පුද්ගලික සමාගම අතුරුගිරියේ නවතම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරිම පසුගියදා පැවැති සරළ එහෙත් විචිත්‍රවත් උත්සවයකදී සිදුකෙරිණි. ඔඩිලියා සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙරාඩ් ප්‍රනාන්දු, කළමනාකාර අධ්‍යක්ෂ රෝහිත අබේගුණරත්න මහත්වරු සහ කාර්ය මණ්ඩලය මේ උත්සවයට එක්වූ අතර තවත් ආරාධිත අමුත්තන් රැසක් අනාගතයේ ඉදිකිරීම් නිමා කිරිමට යෝජිත Aspire Residencies ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක්වූහ.

ඒ මොහොතේ පතිත වූ මඳ වැසිපොද හා හිරු රශ්මියේ ආශිර්වාදය මැද ඔඩිලියා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා සම්ප්‍රදායික මඟල් බෙර හඩ මැද සුබ මොහොතින් මේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළහ.

‘සමකාලීන ජීවන රටාව‘ තේමාව යටතේ තරු පංතියේ කාමරවලින් පිරුණු මේ නව ව්‍යාපෘතිය දැනටමත් මුදල් ගෙවූ ගනුදෙනුකරුවන්ට තම සිහින නිවහන තෝරාගැනීමේ නව බලාපොරොත්තුවක් උදාකරලනු ඇත.

අතුරුගිරිය Aspire Residencies ව්‍යාපෘතිය සදාහරිත ස්වභාව සෞන්දර්යෙන් පිරුණු වටපිටාවක සුළං හමන කුඹුරුයායකට මුහුණලා ඉදිකෙරෙන අතර අතුරුගිරියේ අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 500ක් යාබදව පිහිටා ඇත.

ඊට පර්ල්, කොරල්, ඕපල්, ජේඩ්, රූබි සහ සිට්රින් නමින් නිවාස සංකීර්ණ 6ක් ඇතුළත්ය. එක් නිවාස සංකීර්ණයක අංග සම්පූර්ණ නිවාස ඒකක 136ක් ඇතුළත්ය. සෑම නිවාස සංකීර්ණයකම නිදන කාමර තුනකින් සමන්විත නිවාස 41ක් ඉදිකෙරෙන අතර නිදන කාමර දෙකකින් සමන්විත නිවාස ඒකක 95ක් ද වේ.

Aspire Residencies නිවාස සංකීර්ණය සමාජ ශාලාවකින් සහ අංග සම්පුර්ණ ශාරිරික ව්‍යායාම මධ්‍යස්ථානයකින් සමන්විත වෙයි. එහි ඉදිකෙරෙන සුපිරි පිහිනුම් තටාකය ආකර්ශනීය පෙනුමක් ගෙන දෙනු ඇත. මේ ව්‍යාපෘතියට විදුලි සෝපාන, බහුකාර්ය ශාලාවක්, පිහිනුම් තටාකයට යාබද බාබිකියු මණ්ඩපයක් ද ඇතුළත්ය. මීට අමතරව දරුවන් වෙනුවෙන් ක්‍රීඩාංගණයක් ද ඉදි කෙරේ. ඇවිදින මං තීරුවක්, වාහන නැවතුම්පළක් සෑම නිවාස සංකීර්ණයකටම වෙනම ඉදි කිරිමට නියමිතය.

අමුත්තන් සඳහා වෙනම වාහන නැවතීමේ පහසුකම් ද ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ද දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ද ඇතුළත්ය. සැලෝන්, ලොන්ඩරි, වාහන සේදීමේ ස්ථානයක් සමග හදිසි විදුලි විසන්ධියකදී භාවිත කෙරෙන විදුලි උත්පාදන යන්ත්‍රයක් ඊට එක්වෙයි. සෑම නිවාස සංකීර්ණයකටම ඉහළ මාලයේ වෙනම බාබකියු මණ්ඩපයක් ඉදි කෙරෙන්නේ පදිංචිකරුවන්ට විවේකය සතුටින් යුතුව ගතකිරීමේ පහසුව සඳහාය.

Aspire Residencies නිවාස ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත්තේ කීර්තිමත් නිර්මාණ ශිල්පීන් විසිනි. මේ ව්‍යාපෘතියට තවත් අතිරේක ප්‍රතිලාභ රැසක් ඇතුළත්ය. එහි තුනෙන් කොටසක් අලංකාර උද්‍යානවලින් පිරුණු විවෘත ප්‍රදේශයක් ලෙස නිර්මාණය කෙරේ. තාර දැමූ මං මාවත් ද, වාහන නැවැත්වීමේ පහසුකම් ඇති මාර්ග ද සූර්ය බලයෙන් ක්‍රියා කරන වීදි ආලෝක පහන් ද ඊට එක්වෙයි.

බැංකු, රෝහල්, පාසල්, විශ්ව විද්‍යාල, සුපිරි වෙළෙඳ සංකීර්ණ සහ අවන්හල් නිවාස සංකීර්ණයේ සිට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැකි දුර ප්‍රමාණයක පිහිටා තිබේ.

Aspire නාමය ඉතා කෙටි කාලයක් තුළ මෙරට අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති බවත්, නව නිවාස ව්‍යාපෘතියේ නිවාසවලින් 90%ක්ම දැනටමත් අලෙවිවීමෙන් එහි සාර්ථකත්වය පැහැදිලිව පෙන්නුම් කරන බවත් ඔඩිලියා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහිත අබේගුණරත්න මහතා පැවැසීය.

සුඛෝපභෝගී නිවාස විසඳුමක් තේමාව යටතේ තම සමාගම නුදුරු අනාගතයේදී තවත් දැවැන්ත ව්‍යාපෘති දෙකක් ඉදි කිරිමට සැලසුම් කරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

Rate this item
(0 votes)