April 27, 2024

ඊ.ටි.අයි ෆිනෑන්ස් විකිණිමට මහ බැංකුවේ අවසරය

ඊ.ටී .අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ඇමෙරිකා ඩොලර් මිලියන75 ක මුදලකට ( ආසන්න වශයෙන්  රුපියල් මිලියන  11833 කට) විකිණිමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී තිබේ. 

ඊටී අයි ෆිනෑස්   ලිමිටඩ් ආයතනය  මුහුණ දී ඇති මූල්‍ය දුරිවලතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි  බලපෑම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ආයතනයේ පරිපාලන හා උප පරිපාලන සමාගම්වල අයිතියට සහ ආයෝජන දේපල විකිණිමට අවසර ලබා දුන් බව මහ බැංකුව සඳහන් කරයි.

එම මුදලින් තැන්පතුකරුවන්ට  සියයට 10 ක මුදලක් රුපියල් මිලියන 4750 ක් ජුනි මස 05 වැනිදා සිට ගෙවීමටද මහබැංකුව උපදෙස් දී තිබේ.

එම ගෙවීම් පිළිබඳ සැලැස්මක් තැන්පතුකරුවන්ට ඉදිරිපත් කිරීමටද නියමිතය

Rate this item
(0 votes)