April 26, 2024

අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීමේ වැඩිවීමක්

පසුගිය 2017 වසරට සාපේක්‍ෂව මේ වසරේ ඉකුත් අප්‍රේල් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 12.6කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 
 
2017 අප්‍රේල් මාසය වන විට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 160,249 කි.
 
2018 අප්‍රේල් මස වන විට සංචාරකයින් 888,353 ක් මෙරටට ලංකාවට පැමිණ තිබේ. එම කාලසීමාව තුළ සංචාරකයන් 765,202 ක් මෙරට සංචාරය කර ඇති අතර පසුගිය වසර හා සැසදීමේ දී එය සියයට 16.1 ක වර්ධනයකි.
 
2018 අප්‍රේල් මාසයේදී  ආසියාව හා පැසිෆික් රටවල් නියෝජනය කරමින් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියට 46කි. එසේම යුරෝපා රටවලින් සියයට 42ක් සහ අමෙරිකාවෙන් සියයට 09ක්, මැදපෙරදිග සියයට 02ක් සහ අප්‍රිකාවෙන් සියයට 01ක සංචාරක පැමිණීමක් සිදුව තිබේ. 
 
ශ්‍රී ලංකාවට ඉකුත් මාසයේ දී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණි රටවල් 05වන්නේ ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය යි. ඒ අනුව ප්‍රතිශතාත්මක ලෙස ඉන්දියාවෙන් සියයට 17ක සංචාරක පිරිසක් පැමිණ ඇත. එක්සත් රාජධානියෙන් සියයට 14ක් සහ චීනය, ඕස්ට්‍රේලියාව හා ජර්මනියෙන් පිළිවෙලින් සියයට 10, සියයට 08 හා සියයට 06ක් ලෙස සංචාරක පැමිණීමක් සිදුව තිබේ. 
 
මේ අතර උතුරු අමෙරිකාවෙන් සංචාරකයන්ගේ පැමිණීම සියයට 88 කින් වර්ධනය වී ඇති අතර සංචාරකයින්14,147ක් පැමිණ ඇති බව සදහන් වේ.  එක්සත් රාජධානියේ 26,063ක්, ජර්මනිය 10,803ක් හා ප්‍රංශයෙන් 7,411ක් සංචාරකයින් පැමිණ ඇත. 
 
කෙසේ නමුත් මැදපෙරදිගින් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 26.1 කින් අඩුවී ඇති අතර සංචාරකයින් 3736 ක් පැමිණ ඇත.
 
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට මිලියන 2.1 කට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර ඔවුන්ගේන රජයට අමෙරිකා ඩොලර් බිලියන 3.9ක ආදායමක් හිමිව තිබේ. 
Rate this item
(0 votes)