April 26, 2024

රාත්‍රී 8.30න් පසු තේ දළු භාර ගැනීම අත්හිටුවයි

 තේ කර්මාන්ත ශාලා වෙත රාත්‍රී 8.30න් පසු තේ දළු භාර නොගැනීමට තීරණය කර තිබේ.

තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරීවීර මහතා පැවසුවේ, ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය සඳහා මෙම තීරණය ගත් බවයි.

ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර අවසන් බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව මින් ඉදිරියට නොතැළුණු නොමේරු තේ දළු නිසි වේලාවට කර්මාන්ත ශාලා වෙත භාරදිය යුතු වේ.

නව නීති සඳහා කර්මාන්ත ශාලාවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද තේ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

එබැවින් පොලීසියේ ද සහය ඇතිව වැටලීම් කිරීමට තීරණය කර ඇති බව තේ කොමසාරිස්වරයා පැවසී ය.

Rate this item
(0 votes)