April 26, 2024

"මේ අවුරුද්දේ දැනට පාඩුව ඩොලර් මිලියන 100 ක්" - ශ්‍රී ලංකන් නව සභාපති කියයි

ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රාග්ධනය මේ වන විට සෘණ මට්ටමකට පැමිණ ඇති බවත්, මේ හේතුවෙන් ප්‍රතිව්‍යූහගතකරණයක් සිදු කෙරෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගියදා (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ශ්‍රීලංකන් ගුවන් සේවය 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී ඩොලර් මිලියන 100 ක අලාභයක් වාර්තා කර ඇති බවයි. අවසානයේ දී මෙම පාඩුව පැටවෙන්නේ මහජනයා මත බවත්, වාණිජමය ව්‍යාපාරයක් මෙයාකාරයෙන් පාඩු පිට පවත්වා ගෙන යාම මහජනතාවට කරන අපරාධයක් බවත් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේය.

“අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් දැනට පාඩු ලබන එයාර්ලයින් එක ගැන අවධානය යොමු කරලා, එය ප්‍රතිව්‍යූහගත කරන්න. දැනට තියෙන ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් නැතිවෙලා තියෙනවා. ප්‍රාග්ධනයක් නැහැ දැන්. සෘණ ප්‍රාග්ධනයක් තියෙන්නේ. ඒ ප්‍රාග්ධනය පහුගිය අතීත කාලයේ පාඩුවලින් ශේෂ වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් නැවත ප්‍රතිව්‍යූහගත කිරීමේ දී අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා, යම්කිසි විදියක උපකාරයක්. පිටස්තර අයගෙනුත් අපි බලාපොරොත්තු වෙනවා.”

“මේක එක අතකින් ජාතික වස්තුවක් වෙනවා සමඟම, අනෙක් අතින් වානිජමය ව්‍යාපාරයක්. වානිජමය ව්‍යාපාරයක් අපි පාඩුවට දුවලා, මහජනයාගේ මුදල් ඒවට යොදවන්නේ. ඒ පාඩුව විඳින්නේ මහජනයා. මේ අවුරුද්දේ පාඩුව ඩොලර් මිලියන 100 ක්. ලංකාවේ සල්ලිවලින් විශාල මුදලක්. දිගටම මේ ව්‍යාපාරය පාඩු විඳ ගෙනියන්න මහජනයාට කරන අපරාධයක්. ඒ හින්දා අපේ අරමුණ අවුරුදු දෙක තුනක් ගතවෙන්න ඉස්සෙල්ලා අපිට මේක ලාභදායී තත්ත්වයට පත්කරන්නට, අපේ ව්‍යාපාරික පළපුරුද්ද පාවිච්චි කරලා, ඒ කර්තව්‍ය විශාල අභියෝගයක්, නමුත් ඒ අභියෝගය අපි මුහුණ දෙන්න කැමතියි අධ්‍යක්ෂ මණ්ඩලයක් වශයෙන්, අපේ දැනුම අනුව අපි හිතනවා එය කළ හැකි කාර්යයක් කියලා.“යැයිද ව් මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)