May 08, 2024

කොම්පඤ්ඤවීදියේ අක්කර 6 ක් ෂැන්ග්‍රිලාට

කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි අක්කර  6 කින් යුතු නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි භාගයක් Shang Properties (Pvt) Ltd වෙත 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇත.

මෙම බදු ගිවිසුමේ වටිනාකම රුපියල් බිලියන 12.8 (බදු රහිතව) කි.

Shang Properties (Pvt) Ltd යනු Kerry Properties Limited සහ Shang Properties, Inc. සමාගම්වල බද්ධ ව්‍යපාරයකි.

Shang Properties, Inc. පිලිපීනයේ ලැයිස්තුගත සමාගමක් වන අතර එය Kuok Group හි දේපළ සංවර්ධන හස්තය ලෙසින් කටයුතු කරයි.

කොළඹ සහ හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටල් ව්‍යාපෘති Kuok Group හි ශ්‍රී ලංකාවේ සිදුකර ඇති අනෙකුත් ආයෝජන වේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Shang Properties (Pvt) Ltd කියා සිටින්නේ නවීන මිශ්‍ර ව්‍යාපෘත්යක් මෙහි දියත් කරනු ලබන බවයි.

Rate this item
(0 votes)