April 26, 2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ යාපනය අලෙවි නියෝජිත සමුඵවක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ලොතරැයි අලෙවිසැල් ( Lotteries shop ) හදුන්වා දීමේ වැඩසටහන යටතේ එහි පළමු අලෙවිසැල යාපනය නල්ලූර් ප‍්‍රදේශයේදී පසුගිය මාර්තු 11 වන දින විවෘත කරන ලදී.

සාම්ප‍්‍රදායික ලොතරැයි කුටියෙන් ඔබ්බට ගොස් ලොතරැයි නියෝජිතයින් හට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව නවීන තාක්ෂණයත් සමග ලොතරැයි අලෙවි කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම මෙම ලොතරුයි අලෙවිසැල් සංකල්පයේ මූලික පරමාර්ථයයි.

මෙයට අමතරව යාපනය ,මන්නාරම, කිලිනොච්චි ,මුලතිව් ,වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි අලෙවි නියෝජිතයින් 100 කට දිනක වැඩමුලුවක් සහ 2017 වර්ෂයේ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඇගයීමේ වැඩසටහනක්ද යාපනය ටිල්කෝ හෝටලයේදී එදින පැවැත්විණි.

මෙම වැඩමුඵව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මේ සදහා යාපනය දිස්ත්‍රික් බෙදා හැරීමේ අලෙවි නියෝජිත ටී.තේමරාසන් මහතා, Dan TV අධිපති කුහනාදන් මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර් විමලසිරි මහතා, වැඩබලන සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු ඉහළ නිළධාරීන් සහභාගී විය.

Rate this item
(0 votes)