April 27, 2024

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු වල වර්ධනයක්

ඉකුත් දෙවසරක කාලයේදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු වල වටිනාකම සියයට 27කට වැඩි ප්‍රතිශතයකින් ඩොලර් බිලියන 1.3ක් ඉහළ ගොස් ඇතැයි දත්ත වාර්තා සඳහන් කරයි. 
 
පසුගිය වසරේදී පමණක් දෙරට අතර වෙළඳාමේ වර්ධනය සියයට 15කට වඩා වැඩි බවත් අවසාන වසර පහක කාලයේදී දෙරට අතර වෙළඳාමේ වර්ධනය සාමන්‍ය අගයක් ලෙස ගත් විට සියයට 8.6ක් වන බවත් මෙරට පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
 
දෙරට අතර ආර්ථික සබඳතාවල ප්‍රමුඛතම ක්ෂේත්‍රය බවට පත්ව තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි. දැනට තිබෙන වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික සිසුන් 9,500කට වැඩි සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර තවත් සිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකාවේ තිබෙන ඕස්ට්‍රේලියාවේ පිහිටි විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල අනුබද්ධිත ආයතනවල අධ්‍යාපනය ලබන බව ද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
පසුගිය වසරක කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රෙලියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව ද සියයට 10කින් ඉහළ ගොස් තිබෙන අතර ඕස්ට්‍රේලියාවට කරනු ලැබූ අපනයන සේවා ද සියයට 36කින් වර්ධනය වී තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 January 2018 13:04