April 26, 2024

ෆාමසි ලියාපදිංචි ගාස්තු පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඖෂධ ලියාපදිංචි කිරිමේ ගාස්තු, සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු පසුගිය දා (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.

සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව මෙලෙස ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇත. 2017 ජුනි 14 වන දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම ගාස්තු ඉහළ දමන ලදි.

එමගින් තම ව්‍යාපාරයට ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවට සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය අමාත්‍යවරයාට පෙන්වාදීමෙන් අනතුරුව මෙම ගාස්තු අඩු කිරීම සිදු කර ඇත.

Rate this item
(0 votes)