April 26, 2024

බඩු මිල ඉහළ ගිය හේතුව ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්

December 29, 2017

රජය සිදු කළ වැට් බදු පැනවීම වෙළඳ පොළේ බඩුමිල අධික ලෙස ඉහළ යාමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (28) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය හෙවත් උද්ධමනය පසුගිය වසරේ මේ මාසයට සාපේක්ෂව ඒකක 4.3කින් ඉහළ ගොස් ඇත.

උද්ධමනය ඇති වීමට ප්‍රධාන හේතු කිහිපයක් පෙන්වා දුන් ඒ මහතා සඳහන් කළේ ඊළඟ වසරේ කෘෂිකර්ම නිෂ්පාදන සාමාන්‍ය තත්ත්වයට පැමිණේ නම් මේ තියෙන මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණෙන බවයි.  

Rate this item
(0 votes)