May 11, 2024

පීපල්ස් ලීසිං සමාගමට රන් සම්මානයක්

December 21, 2017

අතිශයින් තරඟකාරී මූල්‍ය ක්ෂේත‍්‍ර තරඟ ඛාන්ඩය නියෝජනය කරමින් ආසියා ශාන්තිකර කලාප ICT සංසද උළෙලකදී (APICTA) මෙවන් ජයග‍්‍රහණයක් දිනාගත් ප‍්‍රථම ශ්‍රී ලාංකික සමාගම ලෙස මෙය ඉතිහාසගත වන්නේය.

ඉකුත් 2017 දෙසැම්බර් මස 7 වන දා සිට 10 වන දා තෙක් බංග්ලාදේශයේ ඩකා නුවර පැවති මෙම උළෙල චීනය, ජපානය, හොංකොං හා  ඔස්ට්‍රේලියාව වැනි රාජ්‍යයන් රැසකගේ දැවැන්ත සමාගම්, බැංකු හා තොරතුරු තාක්ෂණ ප‍්‍රවීනයින් 500 ට වැඩිමනත් වූ පිරිසකගේ සහභාගීත්වයෙන් හා මූල්‍ය කලාප 16 කගේ නියෝජනයෙන් උත්කර්ශවත් වූහ.

17 වන වරටත් අඛණ්ඩව පැවති මෙම ජාත්‍යන්තර උළෙලේ මුඛ්‍ය අරමුණු අතර ප‍්‍රධාන වන්නේ මෙම කලාපය තුළ ICT ක්ෂේත‍්‍රයේ නියුතු ව්‍යවසායකයින් හා නිර්මාණකරුවන් අතරේ ප‍්‍රමිතිගත තරඟකාරී අවස්ථා බිහි කොට ආර්ථික හා වෙළඳ සහසම්බන්ධය වර්ධනය කිරීම උදෙසා තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව්‍ය වූත් නිර්මාණශීලී වූත් උපයෝජනයෙන් උත්තේජනය කිරීමයි.

 

 

Rate this item
(0 votes)