April 27, 2024

යාපනය චිශ්වවිද්‍යාලයෙන් "සූර්ය බල මණ්ඩලයේ නිෂ්පාදනයන් පිලිබදව අධ්‍යාපනික පුහුණු ව්‍යාප්තියක්"

December 18, 2017

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා, ඉංජිනේරු හා තාක්ෂණ පීඨාධිපතිවරුන් අතර විශේෂ සාකච්ජාවක් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය උතුරු පළාත් ආණ්ඩුකාරවර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වින.

එහිදී උපකුලපති මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා මහා පරිමාණ ව්‍යාපෘති දෙකක් සඳහා අරමුදල් සොයා ගැනීමට දෙපළගේ මුල පිරීම අගය කිරීමට ලක් කල අතර ‘සූර්ය බල මණ්ඩලයේ නිෂ්පාදනයන් පිළිබඳව අධ්‍යාපනික පුහුණු ව්‍යාප්තිය’ හා න්‍යෂ්ටික පර්යේෂණ හා යුරෝපීය සංවිධානයේ උසස් අධ්‍යාපනික හා පර්යේෂණ සහයෝගිතා වැඩපිළිවෙල පිළිබඳවද මෙහිදී දැනුවත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් විද්‍යාඥයින්, කාර්මිකයින්, පාසල් හැරගිය සහ පාසල් සිසුන් සඳහා විවිධ මට්ටමේ පුහුණුවන් ලබා දෙන අතර යාපනය විශ්ව විද්‍යාලය,  යාපනය හින්දු විද්‍යාලය හා චාවකච්චේරි හින්දු විද්‍යාලවල සිසුවියන්හටද මේ හා සමාන වැඩසටහන් පවත්වන ලදී.

මෙමගින් සුළං බලශක්තිය හා ජෛව බලශක්ති ක්ෂේත‍්‍රයන් තුල පමණක් ඉහළ කුසලතා සහති ශ‍්‍රම බලකායක් වර්ධනය කිරීමට සහ උසස් ජාතික පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් භෞතික විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය දියුණු කිරීම සඳහා වූ යුරෝපීය සංවිධානය සමඟ සහයෝගිතාව වර්ධනය කිරීමටත් මනා පිටිවහලක් වනු ඇත.

Rate this item
(0 votes)