April 26, 2024

කඳුරට නව ගම්මාන අමාත්‍යංශයට විශේෂ සම්මානයක්

November 14, 2017

රාජ්‍ය ගිණුම්කාරක සභාව මඟින් සංවිධානය කළ 2015 වසරේ ආර්ථික සංවර්ධන ක්‍රියාකාරීත්වය කෙරෙහි නීතිය හා විදි විධාන නිසි කළමණාකරණයකින් යුතුව ක්‍රියාත්මක වූ හොඳම අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ අමාත්‍යාංශය වන කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 13 පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණි.

ඒ අනුව රජය මඟින් වෙන් කළ ප්‍රතිපාදන නිසි ආකාරව යොදානිමින් කඳුකරයේ වතු ප්‍රජාවට සේවය කළ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය අමාත්‍යාංශ ලේකම් රංජිනී නඩරාජපිල්ලෙයි මහත්මිය වෙත අග්‍රාමාත්‍යවරයා විසින් පිරිනැමුණු ලැබීය.

2015 වසරේදී රජයට සම්බන්ධ අමාත්‍යාංශල සංස්ථා, දෙපාර්තුමේන්තු, රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන 831 ක් සමීක්ෂණය කර එයින් ආයතන 80 කට මෙලස රන් හා රිදී පදක්කම් ලබා දී ඇත.

2015 වසරේ දී කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා රජය මඟින් පිරිනමන ප්‍රතිපාදන නිසි ආකාරවල මනා කළමණාකරණයකින් යුතුව යොදාගනිමින් වැවිලි ප්‍රජාවට සේවය කරමින් සිටියි.

අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ මඟ පෙන්වීම යටතේ මේ වන විට වතු ප්‍රජාව වෙනුවෙන් පර්චස් 7 කින් යුතු තනි නිවාස 5000 කට අධික ප්‍රමාණයක්  ඉදිකර ජනතා අයිතියට පත් කර ඇති අතර ඒ සඳහා නිරවුල් ඔප්පුද පිරිනමනු ලබයි.

 

Rate this item
(0 votes)