April 26, 2024

2018 අයවැයෙන් මෝටර් රථවල වැඩිවන හා අඩුවන මිල ගණන් මෙන්න

November 10, 2017

2018 අයවැය යෝජනා ඔස්සේ වැඩිකළ නව බදුවලට අනුව මෝටර් රථවල වැඩිවිය හැකි මිල ගණන් ජාත්‍යන්තර විගණන ආයතනයේ පුරෝකථනයන් නිකුත් කර තිබෙනවා.

ටොයෝටා ඇක්සිඕ, ඇක්වා, හොන්ඩා වෙසෙල්  සහ ග්‍රේස් යන රථ රුපියල් 750,000 කින් පමණ වැඩි වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (10) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2018 අය වැය ප්‍රකාශයට අනුව මෙම වාහන කිහිපයක මිල  ගණන් වෙනස් වී තිබේ.

මේ අතර, නිසාන් එක්ස් ට්‍රේල්, මිට්සුබිෂී අවුට්ලෑන්ඩර්,ටොයෝටා ප්‍රියෙස් යන වාහන රුපියල් ලක්ෂ 10 කින් ඉහළ යන අතර ටොයෝටා ප්‍රිමියෝ සහ ඇලිඔන් යන වාහන රුපියල් ලක්ෂ 2 කින් පමණ ඉහළ යෑමට හැකි බව එම  සංගමයේ සභාපති අර්ජුන පීරිස් මහතා වැඩිදුරත් පැවසීය.

මේ අතර, ටොයෝටා ප්‍රාඩෝ රථ රුපියල් ලක්ෂ 75 කින් වැඩි වී ඇති අතර ලෑන්ඩ් කෘෘසර් රථ රුපියල් ලක්ෂ 125 කින් වැඩි වී තිබේ.

නිසාන් ලීෆ්  රථ රුපියල් මිලියනයකින් අඩු වී ඇති අතර සුසුකි වැගන් සහ ටොයෝටා විට්ස් යන රථ ලක්ෂ 4 කින් අඩු වී ඇත.

ඇස්තමේන්තු කළ රථවාහනවල වැඩි කර ඇති නව මිල ගණන් පහතින්

Toyota Aqua/Axio & Honda Vezel – Rs.745,000

Mitsubishi Montero - Rs.12,800,00

Mercedes Benz - Rs.1M

Toyota Allion - Rs.895,000

Toyota Premio & Nissan X-Trail - Rs.995,000

Prado – 8,400000

Rate this item
(2 votes)
Last modified on Friday, 10 November 2017 14:01