April 26, 2024

ඉන්ෆෝටෙල්-2017 ප‍්‍රදර්ශනයේ වඩාත් නිර්මාණත්මක කුටියට හිමි සම්මානය මහජන බැංකුවට

November 06, 2017

ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කළ ඉන්ෆෝටෙල්-2017 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ප‍්‍රදර්ශනයේ වඩාත්ම නිර්මාණත්මක කුටියට පිරිනැමෙන සම්මානය, එහි ස්ථාපිත කර තිබූ මහජන බැංකුවේ විශේෂ ඩිජිටල් කුටියට හිමිවිය.  මෙම ප‍්‍රදර්ශනයට සමගාමිව ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ හිල්ටන් රෙසිඩියන්ස් හෝටලයේදි පසුගියදා පැවැත්වූ ඇගයීමේ උළෙලේදී එම සම්මානය මහජන බැංකුව වෙත පිරිනැමිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුව වෙනුවෙන් එහි වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි කේ.බි රාජපක්ෂ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන යන මහත්වරුන් සහභාගි වි සිටියහ.

මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ නිම් වළලූ පු`ඵල් කරමින් ඩිජිටල් බැංකුකරණය වෙත පිවිස සිටින මහජන බැංකුව, සිය අතිනවීන ඩිජිටල් බැංකුකරණ අත්දැකීම් මෙම ප‍්‍රදර්ශනය නැරඹිමට පැමිණි ජනතාවට අත්වි`දීමේ අවස්ථාව ලබාදුන්නේය. මෙම ඉන්ෆෝටෙල්-2017 ප‍්‍රදර්ශනයේ රන් අනුග‍්‍රාහක ලෙසද මහජන බැංකුව කටයුතු කළේය.

මහජන බැංකුවේ ඩිජිටල් ශාඛාවක සම්පූර්ණ අකෘතියකට අනුව මෙහි ස්ථාපිත කර තිබූ විශේෂ ඩිජිටල් කුටියෙන් සහ ස්වයං බැංකුකරණ ඒකකයෙන් මෙම ඩිජිටල් බැංකුකරණ අත්දැකිම් පිරිනැමිය. මෙම ඩිජිටල් ශාඛාව තුළින් ඩිජිටල් ගිණුම් විවෘත කිරීම්, ස්වයං බැංකුකරණ සේවාව ම`ගින් මුදල් තැන්පත් කිරීම් සහ ආපසු ගැනීම්, බිල්පත් ගෙවීම් එසැණින් සිදුකරගැනිමේ පහසුකම් සලසා තිබිණි.

‘ඩිජිටල් ආර්ථිකයක් කරා’ යන තේමාව යටතේ පැවති ඉන්ෆෝටෙල්-2017 ප‍්‍රදර්ශනය නැරඹීම ස`දහා  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රුයට සම්බන්ධ දෙස් - විදෙස් සමාගම් වල විධායක නිලධාරීන් පිළිගත් වෘත්තිකයන්,  ප‍්‍රතිපත්ති සම්පාදකයන්,  ව්‍යවසායකයන්,  අධ්‍යාපනඥයන්,  පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

 

Rate this item
(0 votes)