April 26, 2024

ලංකාවේ ආර්ථිකය ධනාත්මකයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව ලෝක වෙළද සංවිධානය (WTO) විසින් පසුගියදා නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙලිකර ඇත.

ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තා හා ලෝක වෙළද සංවිධානයේ නිරීක්ෂණ වාර්තා ඇසුරින් මෙම සමීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත.

1994 වසරේ  සිට ලෝකයේ රටවල් 164ක ආර්ථික තත්ත්වයේ වර්ධනය පිළිබඳ ව සොයා බලන ලෝක වෙළඳ සංවිධානයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය වෙනුවෙන් සිවුවන වරට, 2016 වසරේදී  සිදු කළ නිරීක්ෂණයන්ට අනුකූලව මෙම වාර්තාව එළිදක්වා තිබුණි.

කෘෂි කර්මාන්තය, මත්ස්‍ය කර්මාන්තය, සංචාරක කර්මාන්තය, සන්නිවේදනය, ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සමීක්ෂණයේදී මූලික අවධානය යොමු කොට ඇති අතර පසුගිය 2010 වර්ෂයට සාපේක්ෂව 2016 වසරේදී මෙලෙස  මෙම ධනාත්මක ආර්ථික වර්ධනය අත්පත්කරගෙන ඇත.

මෙලෙස ලෝක වෙළඳ සංවිධානය හා රටවල් 164 මෙම ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති සමග ගිවිසුම් ගතව ඇති නමුත් එම බොහෝ රටවලට පෙර 2010 වර්ෂයට සාපේක්ෂව 2016 වසරේදී මෙම ධනාත්මක ආර්ථික වර්ධනය ළගා කරගත නොහැකි වී ඇති අතරම අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ලෝක වෙළද සංවිධානය හා සිදු කරන වෙළද ගනුදෙනුවලදී  ඉතා මිත්‍රශීලිව  කටයුතු කරන බවටත් අදාල වාර්තාව මගින් කරුණු දක්වා ඇත.

පසුගිය වසරේ (2016) ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවති ලෝක වෙළද සංවිධානය විසින් සංවිධානය කර තිබූ  සමුළුවකදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම ඇගයීමට අදාලව ශ්‍රී ලංකාවේ වෙළද ප්‍රතිපත්ති සමුළුවට ඉදිරිපත් කර තිබුණු අතර එම ප්‍රතිපත්ති මාලාව හා ලෝක වෙළද සංවිධානයේ නිරීක්ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාව ආර්ථිකයේ ප්‍රශස්ථ වර්ධනය පිළිබඳව මෙලෙස සමීක්ෂණ වාර්තාව මගින් කරුණු එළි දක්වා ඇත.

 

 

Rate this item
(0 votes)