April 26, 2024

සැප්තැම්බර් 1 සිට සියයට 10ක බෝනස් ඩේටා

සැප්තැම්බර් 01 දා සිට දත්ත මත පනවා තිබූ දුරකථන බදු ඉවත් කරන බව වාර්තා වෙයි.

ඒ බව පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී විදුලි සංදේශ මෙහෙයුම්කරුවන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය මෙරට විදුලි සංදේශ කර්මාන්තය වෙනුවෙන් රජය විසින් ගනු ලැබූ වැදගත් තීරණයක් බවයි.

රජයේ මෙම තීරණයත් සමඟම සියලුම අන්තර්ජාල පැකේජ හා කාඩ්පත් සඳහා අතිරේක 10% ක බෝනස් දත්ත ප්‍රමාණයක් ලබා දීමට කටයුතු යොදන බව මෙම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම බෝනස් දත්ත ලබා දීම විදුලිසංදේශ නියාමන කොමිසමේ අනුමැතියට යටත් වන බවත් සැප්තැම්බර් 01 වනදා සිට අදාළ තීරණය ක්‍රියාවට නංවනු ලබන බවත් මෙහිදී අවධාරණය කර තිබේ.

Rate this item
(0 votes)