April 26, 2024

“හුලන්දාව නව ගම්මානය” ජනතා අයිතියට

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ වැවිලි ප්‍රජාව වෙනුවෙන් ඉදිකළ නිවාස 25කින් යුතු “හුලන්දාව නව ගම්මානය” අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ජනතා අයිතියට පත් කෙරිණි.

පර්චස් 07ක භූමි භාගයක වර්ගඅඩි 550 කින් යුතු කාමර 2ක්, විසිත්ත කාමරයක්, කුස්සියක් සහ නාන කාමරයකින් මෙම නිවාස සමන්විත අතර අගමැතිවරයා අතින් නිවාසලාභීන් සඳහා නිරවුල් ඔප්පු පිරිනැමීමද මෙහිදී සිදු විය.

මේ සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, අමාත්‍යාංශ ලේකම් රංජනී නඩරාජපිල්ලෙයි මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Rate this item
(0 votes)