April 27, 2024

ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට (VIDEO)

එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ඊයේ (14) සවස 4.30 ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට එවා තිබිණි.

කොළඹ සිට ගුවන් ගමන් කටයුතු සිදු කිරීම සඳහා කටුනායක ගුවන් පථයට එම යානය ගොඩබස්වා පරීක්ෂා කිරීම සඳහා යානය එහි පැමිණ තිබූ අතර මෙම යානයේ බඳ තට්ටු දෙකකින් සමන්විතය.

ප්‍රංශයේ නිෂ්පාදිත A -380 වර්ගයට අයත් එකක් වන අතර එහි මගීන් 540 කට එකවර ගමන් කළ හැකිය.

දැනට මෙම සමාගම සතුව මෙවැනි ගුවන් යානා 96 ක් ඇති අතර තවත් යානා 48 ක් මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති බව පවසයි.

ව්‍යාපාරික හා පළමු යනාදී වශයෙන් පංති තුනකින් සමන්විත සුඛෝපභෝගී මගී ගුවන් යානයකි.

මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වනුයේ මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ශ්‍රී ලාංකිකයෙකු වීමයි.57 හැවිරිදි කපිතාන් උදය තිලකරත්න වන මොහු වසර 30 කට ආසන්න කාලයක් පුරාවට ගුවන් නියමුවකු ලෙසින් අත්දැකීම් ඇත්තෙකි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 August 2017 10:47